Wednesday, January 18, 2023

සුබලයාගේ පින

  


ඔය අල්ප දයන්න  වගේ ඇදට ඉන්නෙ සුබලයා. ( චීත්තයක් දැක්කාම ඔය කොයි වීරයත්.....). වාඩි වෙලා ඉන්න "ගිණි කිකිළි" කුමාරිකාවක්. එතකොට අර ගෙම්බා පොලෙවෙ ගැහැව්වා වගේ වැටිලා ඉන්නෙ අඟුටුමිට්ටා.

Monday, October 18, 2021

වන්දනාවේ ගිය එළුවා

ඉස්සර කාළෙ , අපේ මුතුන් මිත්තො සිරීපාද වන්දනාවෙ ගිය හැටි අහල තියනවා නේද? එදවස, ඉතාමත් දුෂ්කර සහ අන්තරාදායක ගමනක් වූ සිරිපා වන්දනාවට යන්නෙ, තම දේපල දූ-දරුවන්ට බෙදා දීලා, ජීවිත ආසාව පවා අත්හැරල බව කියැවෙනවා. මේ සිරිපා වන්දනා ගැන නෙමෙයි එළු වන්දනාවක් ගැන කතාවක්.

Thursday, October 14, 2021

එන්න ....පරණ බ්ලොග් කියවන්න

බ්ලොග්වල හොඳම කාලෙ ලියවිච්ච, ඒත් අලුත් අය නොදන්න  පැරණි, පරිණත බ්ලොග් හඳුන්වා  දෙන්න කරන වෑයමක්. තාම අසම්පූර්ණයි, දිගටම යවත්කාලීන කරන්නයි අදහස. අපට මඟ හැරුනු/අමතක වුනු බ්ලොග් තියනව නං දන්වන්න.  අදහස බුරතීනොගෙ. අපි කට්ටියම එකතු වෙලා කරන අත්හදාබැලීමක්.


දැනට, හැම බ්ලොග් එකකම, හොඳයි කියල හිතෙන ලිපියකට ලින්ක් කරනවා. කියවල බලල කිමිදිලා, මුතු හොයාගන්න එක, පාඨක ඔබගේ කාර්‍යයක්.  මේ කිසිවක්, ගලේ කොටපු අකුරු නෙමෙයි. ප්‍රතිචාර අනුව, හැමදේම වෙනස් කල හැකියි.


අවවාදය: පිට කවරෙන් විතරක්, පොත මනින්න එපා.
කුස්සියෙ උයනව ලස්සන කෙල්ලන්
එලිවෙන ජාමෙට, හොඳ හොඳ සෙල්ලං

(සමහර වෙලාවට සිත්තැවුල්  මැද වුනත් ඔවුන් අපට මේ අපූරු කතා කියවන්න අවස්ථාව දුන්නා. අපි  මේ පෝස්ට් කියවල , ලබපු වින්දනය, ඔබටත් ලබාදෙන්න, කරන සුළු වෑයමක්. මේ..................)

Monday, October 11, 2021

බලු කතාවක්

"බල්ලාට ඇති වැඩකුත් නැත, හෙමින් ගමනකුත් නැත" කියන කතාවෙ,  මම එකඟ කොටසකට විතරයි. ඔහෙල නොදන්නව වුනාට අපිටත් වැඩ තියෙනවා. වෙලා තියෙන්නෙ, බල්ලො ගැන ඔහෙලා පෝස්ට් නොලියන එකයි. මෙන්න මගේ වැඩ රාජකාරි වලින් කොටහක්:

හන්දියෙ බේකරියෙන් පාන් 'අතමාරුවට" ගෙන දිවීම, බළලුන් පස්සේ පැන්නීම. පුරහඳ ඇති රෑ ගැන්සිය සමඟ සිංදු කීම. බුදියා ගැනීම, බ්ලොග් කියවීම, සැකුරිටි වැඩ. බ්ලොග් වලි වලට හොම්බ දැමීම.  ඔය ඉහල පැලැන්තියෙ නෝනල ගාව ඉන්න බලු සුරතලුන්ට "වෙන" රාජකාරිත් තියනවා කියන්නෙ? අනේ, මං දන්නෙ නෑ ඕවා. ඒ වගේම, සමහර බල්ලොන්ට, මේ ඔහෙල අපිට නැති සැප තියෙනවා. බෑංක් එකවුන්ට් තියෙන බල්ලොත් ඉන්නවා කියනවා. 

සුබලයාගේ පින

   ඔය අල්ප දයන්න  වගේ ඇදට ඉන්නෙ සුබලයා. ( චීත්තයක් දැක්කාම ඔය කොයි වීරයත්.....). වාඩි වෙලා ඉන්න "ගිණි කිකිළි" කුමාරිකාවක්. එතකොට අ...