Thursday, October 14, 2021

එන්න ....පරණ බ්ලොග් කියවන්න

බ්ලොග්වල හොඳම කාලෙ ලියවිච්ච, ඒත් අලුත් අය නොදන්න  පැරණි, පරිණත බ්ලොග් හඳුන්වා  දෙන්න කරන වෑයමක්. තාම අසම්පූර්ණයි, දිගටම යවත්කාලීන කරන්නයි අදහස. අපට මඟ හැරුනු/අමතක වුනු බ්ලොග් තියනව නං දන්වන්න.  අදහස බුරතීනොගෙ. අපි කට්ටියම එකතු වෙලා කරන අත්හදාබැලීමක්.


දැනට, හැම බ්ලොග් එකකම, හොඳයි කියල හිතෙන ලිපියකට ලින්ක් කරනවා. කියවල බලල කිමිදිලා, මුතු හොයාගන්න එක, පාඨක ඔබගේ කාර්‍යයක්.  මේ කිසිවක්, ගලේ කොටපු අකුරු නෙමෙයි. ප්‍රතිචාර අනුව, හැමදේම වෙනස් කල හැකියි.


අවවාදය: පිට කවරෙන් විතරක්, පොත මනින්න එපා.
කුස්සියෙ උයනව ලස්සන කෙල්ලන්
එලිවෙන ජාමෙට, හොඳ හොඳ සෙල්ලං

(සමහර වෙලාවට සිත්තැවුල්  මැද වුනත් ඔවුන් අපට මේ අපූරු කතා කියවන්න අවස්ථාව දුන්නා. අපි  මේ පෝස්ට් කියවල , ලබපු වින්දනය, ඔබටත් ලබාදෙන්න, කරන සුළු වෑයමක්. මේ..................)

9. නවමගෙ නවම් මාවත   - එක දවසක් හැන්දෑවක – පරණ කතාවක්
10. බුද්ධිගෙ සයිබර් යාය
   -  කෙසෙල්කොටුවේ චූටි මහත්තයා - ඇට දෙකේ අන්දරය | තාත්තා එන තුරු...
11. ඔබ්සර්වර් ( ආදරණීය ඔබා)   -   
සත්තයි කුණුහරප නෙමේ....
12. ජනූගෙ සටහන්  -හංසකිංකිණි -   බ්‍රින්ග් බැක්මයි බොනි ටුමී…!
19. අක්කණ්ඩිගෙ පුලින තලාව  -මල් තුහින    -  එක ගෙයි කෑම
21. ඕනයාගේ ඕනමැන්ටල්             වසන්තය සහ ඔබ්සවර්
26. තම තම නැණ පමණින්(පින්තු සර්)
27. හරීගෙ හීනලන්තය                 - (පාලම්) කොකා
28. Abnormal Minds                          -  අම්මා
29. චේජනාගේ පිටුව                       -  සංසන්දනය...
30. අපේ ඉසව්ව                                -    සැකකාරයා - කෙටි කතාව
31. රාජ්ගෙ නවාතැන    -    දෙමාපියන්ගෙ සෙක්ස් වලට බාධා කරන ඇම්ඩන් පැටව් (+18)
36. රොටියා                                              -    රොටියාගේ ගෑණු ළමයාගේ වීර ක්‍රියා
52. දේශකයා                              - බෝඩිං ආතල්
82.දෙයියන්නෙ රටේ      -  ගොඩයෙක් අහසින් යයි 3
87.වජිරදේවි                   - මීගමුවට පායන හඳ
92.කොච්චි මිරිස්  -  කොන්ඩම් පැළඳ මුත්‍රා කළ මිත්‍රයා, සිරිලංකාකාරයෝ සහ සෙක්ස්
97.ශ්‍රී ලාංකික ශෘංගාර සාහිත්‍යය      -   කොක්කුන්ගේ කථාව
99. DeepS ගේ ලෝකය deeps             -  සාරිය
100. සිතැඟි                                           -  ඔබට මතකද..? අතීතයට ගමනක්!
101. මගේ මරණය                        -  සිරීපාදේ
104. නිසූගේ කතා            -  ෴රෑ වැලපෙන භූතාත්ම෴
109. Ian's Den ඉයන්ගේ අඩවිය        -  ඇගෙ හිත ඇය වෙත ගිය දවසේ 18 +
110. අන්දර මල්දම (රවි,ජනූ,අමා,රන්දිල්,පොකු,සිත්තමී)   - සරණ බන්ධන........ පසු වදන
112. නිදහසේ නවාතැන   -   තනි සපත්තුව    
113. තරියගෙ කෙරුවාව     -  වැලිකඩින් ආ සිරකරුවා  18+ 
118. සුළැඟිල්ල     - ඉරපායනකොට ඉර බැස යනකොට කිරි අල ගලවන්නම්.....         
119. ගස්ලබ්බ                         -      ලඹේ හොඳයිද මිස්?         
123. මල්ලෙ පොල්                - හේන සහ හේන්!
124. නිම්නයක තනිවී හීන දකින්නී  -   අවසන් ලිපියයි ඔබට ලියන්නේ......ආදරය පිරුනු
125. රජස්                                                     - දෙණිපිටියේ වෙද ගෙදර
126.වචනTAXI (පාරට දාන ඩැයිවර් ඩෝසන්)       -  අනේ ඇල්බට් නොදුටි මොක් පුර!
127.cyber sarpaya- වම්මු වගේ කුහක නැති නිසා ජ්‍යොතිෂ්‍යය පිළිගන්නවා
128. හකාවතී                                  - මිරැන්ඩා
131.මයිනාගෙ කතා                      - මයිනාගෙකතා...93... මැනර්ස්
132. කරදිය රැළි                             - කරත්තයේ ගමන ( හේල හෙලෙයි හෙලෙයියා 2 කොටස )




(ඡායාරූප අන්තර්ජාලයෙනි)

136 comments:

  1. මට හැති. ඉතුරු ටික පස්සෙ අමුණන්නම්. අසම්පූර්ණ වුනත්, පබිලිස් කලේ
    ඔහෙලට බලල අඩුපාඩු කියන්නයි. 🙏😊🤔

    මේ කිසිවක් මගේ නෙමෙයි, අදහස පවා. මේ පෝස්ට් එකම අරගෙන, වැඩි දියුණුකරලා, වෙන තැනක පබ්ලිෂ් කලාට කමක් නෑ. ඊ-මේල් යැව්වා, එකෙක් ගත්තෙ නෑ සිංඩියකට.😒😡🥵

    ReplyDelete
    Replies
    1. 2013 සුදීකගෙ පෝස්ට් එකක් සහ කමෙන්ට්ස් මෙතන තියනවා:සිංහල බ්ලොග් අවකාශයේ ස්වර්ණමය යුගය අවසන්ද ?

      http://awidda-paya.blogspot.com/2013/02/blog-post_11.html

      Delete
    2. ඔය සුදීක ගේ ලිපියෙන් එක දෙයක් පැහැදිලියි. මම බ්ලොග් සම්මාන උළෙල කරන්න එනකොට එක ස්වර්ණමය යුගයක් ඉවරයි. මට මතකයි කියවන්නෙකු වශයෙන් ඒ කාලේ තිබ්බ වලි . අජිත් පැරකුම් ට හෙම ගහපුවා. හැබැයි පස්සේ කතාව හැදුනේ - සම්මාන උළෙල නිසා බ්ලොග් නැති වුනා කියල. හැබැයි මම එක දෙයක් දැක්ක. සම්මාන ගත්තට පස්සේ ගොඩක් අය බ්ලොග් ලියන්නේ නැති බව. බස්සී, රවී, සුරංග හෙම. දෙන්නෙක් බුකියට ගියා. මාතලන් බුකියට ගියේ එතන ප්‍රතිචාර වැඩි නිසා කියලයි මම හිතන්නේ. එනිසා සම්මාන නැතිව ගෙනියන එක හොඳය කියන අදහස මමත් දැන් පිලි ගන්නවා. එහම නැති එකම කෙනා එකොනොමැට්ට. තවමත් හොඳටම ලියනවා. මාතලන් ට හොඳම බ්ලොගර් සම්මානය දුන්න අවුරුද්දේ මට හොයා ගන්න පුළුවන් වුනේ බ්ලොග් 50 විතරයි හරියට අප්ඩේට් වුනු. එනිසා සුදික කියනව වගේ ලල් එකක් තිබ්බ. දෙවෙනි කාරණේ මම හිතන්නේ දේශපාලනේ. ඒක ආවහම ප්‍රශ්න වැඩියි.

      Delete
    3. මගෙ බලු මොටෝ එක:

      හැංගිලා තමයි ඉන්න ඕනෙ
      ලිස්සල තමයි යන්න ඕනෙ
      ගැහුවොත් පොල් බෑවත් අරං තමයි දුවන්න ඕනෙ

      සරල ජීවිතේ කඩ මණ්ඩියෙ එළවළු ලෑල්ල යට.හම්බ වෙන දෙයක් කෑවා, පුසෙක් දෙන්නෙක් පස්සෙ පැන්නුව, බුදිය ගත්තා. වීක්-එන්ඩ් එකට කෑමට එලියට යනවා - එ කිව්වෙ බේකරියෙ කුස්සියෙන් පාන් බාගයක් පන්නං යන එකටයි.

      if you get my drift.😊🤭

      Delete
  2. ඔහොම යං ටොමී සාං. ටික ටික අප්ඩේට් කරගම්මු.

    ටික දවසක් ගොහින් මේ පෝස්ට් එකට ප'මනන්ට් ලින්ක් එකක් දාමු සයිඩ් බාර් එකේ.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම හොඳයි. අනිත් අයගෙ අදහසුත් බලමු. ඇනෝ ඔහෙ තිබිච්චාවෙ. බැන්නට මොකෑ, මම බල්ලෙක් නෙව?👌🙏😊🤣

      Delete
    2. මෙන්න අක්කණ්ඩිගෙ පුලින තලාව.

      https://pdissanayake.blogspot.com

      එයැයිගෙ තව බ්ලොග් දෙක තුනක්ම තියේ

      Delete
    3. හුටා! 😨
      මේක දාලා, බලන්නම් ඔබන්න.🤔😉

      එකක් එබුව, අනෙක් දෙකේ එච්චරම පෝස්ට් නෑ. දැනට මෙහෙම තියමුද?🤔

      Delete
    4. ටොමී සාං, ෆොන්ට් සයිස් එක ටිකක් ලොකු කරමු ද? පෝස්ට් එකෙයි කමෙන්ට්ස්වලයි දෙකේම. මට පේන හැටියට දැන් තියෙන්නෙ default 12pt එක. ඒක 14pt-15pt විතර වගේ වැඩි වුනාට කමක් නෑ. අපි දැන් වසයක උදවිය නෙ.

      Delete
    5. අඩේ, නෙළුම් විලේ චා පෝස්ට් එකකටනෙ ලින්ක් එක දාලා තියෙන්නෙ. අර මං ගැනම ලාස්සන පෝස්ට් එකක් ලියලා තියෙන්නා. :-D

      Delete
    6. ඔන්න ෆොන්ට් ලොකුවට දැම්මා. හැබෑනේනං, කරුමෙට බොගේ පෝස්ට් එකට තමා කමෙන්ට් වැඩි.🤣

      Delete
    7. 1. මෙන්න Abnormal Minds ලිනික් එක
      http://abnormalminds.blogspot.com/

      2. තුන් පත් රටා
      http://thunpathrataa.blogspot.com/

      3. ශාකුන්තලගේ සටහන් පොත
      https://blog.shaakunthala.com/

      4. තනෝජාගේ Thanoja's Dreams
      http://thanojar.blogspot.com

      5. ප්‍රියන්තගේ මගේ මතක
      http://priyantha-ab.blogspot.com/

      6.සෝරෝගේ ලටපට
      http://jiiwithayawachanayen.blogspot.com/

      7. බිඟුවාගේ බිඟු නද (මූ තාමත් එහෙන් මෙහෙන් ලියනවා)
      http://bingunada.blogspot.com/

      8. ලකී ගේ වාසනාවන්ත සිතුවිලි (Lucky Thoughts)
      https://thoughtsoflucky.blogspot.com/

      9. රාවාගේ අතීතයෙන් ගඟ ගලා බසි
      http://ravamrt.blogspot.com/

      10. ෆාගේ බ්ලොගී ගේ ඩයරිය
      http://bloggysdiary.blogspot.com/

      Delete
    8. 🙏 හෙට, මේවත් එක්කම, ඉතුරු අඩුපාඩුත් හදලා දාන්නම්

      Delete
    9. 11. One Zero Zero
      http://onezerozerowords.blogspot.com/

      12. ෆිට් එකේ සෙට් වෙන්න
      http://setweem.blogspot.com/

      Delete
  3. ටොමියා , මගේ බ්ලොග් රෝල බලන්න. ලියන්නැති ඒවා ගොඩක් තියනව. මෙතැන තරුරසි ගේ බ්ලොග් එක නැහැ

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්. එහෙම එක, එක දාගමු.🙏😊

      Delete
  4. ඔබ්සර්වර් මාමා යන්න ගියානේ :(

    ReplyDelete
    Replies
    1. ඔබ්සර්වර් මාමා, විචා, ඉලන්දාරියා තව කී දෙනෙක්ද? 😒😢

      ඒත් ඒ අය අපට යමක් ඉතුරු කරලා ගියා. බ්ලොග් වහපු අයටවත්, මම දොස් කියන්නෙ නෑ, ස්තූතියි කියනවා ඒ කාලෙ කියවන්න දුන්නට. මම අකමැතිම, මේ අනිත්‍ය බ්ලොග් වලට කාගන්න ආපු අයට විතරමයි.

      මෙතන තියනවා ලින්ක් දෙකක්:🥵😡
      https://balunakuta.blogspot.com/2021/10/blog-post_11.html?showComment=1634208664293#c2962436571410358156

      මේක ඉවර කරලා, අර බලු පිංතූරෙ දාන්නම්.😉

      Delete
  5. ටැංකිව්, මේවා එහෙන් මෙහෙන් කියවා ඇත.

    ReplyDelete
    Replies
    1. දිගටම. අප්ඩේට් කරන්නයි අදහස. ඔබට ක්ලික් වෙච්ච හොඳ පෝස්ට් තියේ නං දෙන්න.වැලලෙන්න නොදී, බෙදා ගැනීම තමයි, අදහස.🙏👌😉

      Delete
  6. http://sith-aara.blogspot.com/

    ටොමියෝ මෙන්න තව එකක්. නලිනි දොස්තර නෝනා පිටරට යන්න කලින් ඉඳන්මයි බ්ලොග් ලියවිල්ල අත ඇරියේ

    ReplyDelete
    Replies
    1. පිංසිද්ධ වෙනවා නෝනෝ.🙏👌😊
      හෑ, දොස්තර නෝනා පිටරට ගියා? එතකොට....එපා, එපා එපෝ. සමාවෙන්න නෝනා, ආරේ ගුණ නෑරේ. හපාගත්තා මගේම වලිගෙ තරු විසිවෙන්න.🤔😢

      Delete
    2. මෙහෙම නකුට හපාගන්න ප්‍රශ්න අහනවා කියන්නෙම ටොමියා බල්ලෙක් වශයෙන් අප්ඩේටඩ් මදි කියන එක! :D

      Delete
    3. රට්ටු නං කියන්නෙ" ආවද පරයා, මෙතන දහදුරාවෙ ගිහිල්ලා" කියලයි. ඔය පරණ පාං බාගෙකින් දීලා ඇද්දට, බක්කරේ වත් මට දෙන්නෙ නෑ, අප්ඩේටඩ්ස්.🤔😂

      Delete
    4. මීටපස්සේ බක්කරේගෙන් නෙමෙයි සකර්බර්ග් ගෙන් ඉල්ලගන්න අප්ඩේට්ස්. ඔය දැවෙන ප්‍රශ්න ඔක්කොම විසඳෙයි 😁

      Delete
    5. ආන්න ජංසන්.👌🙏🤣🤭

      Delete
    6. ටොමී, අමතක කරන්නෙපා පරණ කතාව. කොල්ලයි බල්ලයි මොන දහදුරාවේ ගිහිල්ලා ආවත් නාවලා ගත්තම සුද්දයි! කියපු එක. දහදුරාව දැක්කමයි ලියන්න හිතුනේ.

      Delete
    7. // හෑ, දොස්තර නෝනා පිටරට ගියා? එතකොට... //

      ඔවු ඔවු, එයැයිත් ගියා. ඇයි බොට පාං ද?

      ආන්න බලහං, ෆේස්බුක් නොහිටියත් මං ටොමී සාංට වඩා අප්ඩේටඩ් නෙව.

      Delete
    8. නෑ, ඉතිං හොඳට උයන්නත් පුළුවන් නිසා, කොහොමත් පාං කන එකක් නෑ, නේද?🤔
      හොඳ වෙලාවට, රැසිපි ටික බාගත්තෙ?😨
      මේ ඇත්තද බාං, ඔය කියන්නෙ UK වල බල්ලොන්ටත් වීසා ගන්න චෑන්ස් එකක් තියේ කියලා. මටත් ඔය නැනී වැඩ එහෙමත් ඇහැකි. 😉

      Delete
  7. පැරණි බ්ලොග් වලට මග - බලු නකුට නමින් මාගේ ආදරණීය බ්ලොගය තුල; ඉහලින්ම තැනක් වෙන්කොට කූඩුවක් හැදුවා! ඇවිත් බලන්න එය සුවදායක දැයි කියා!?

    ReplyDelete
    Replies
    1. අල වගේද ගෝවා කිව්වලු! නියමයි තට්ට මහත්තයා. දැන් සිංඩි නැතුවත් කාරි නෑ.🙏👌😉😊🤗

      Delete
  8. වැඩේ අපූරුයි!
    ඊයේ රෑ නේද මම ඔයාට කිව්වේ 'බල්ලෙකුගේ හදවත' පොත එවන්නං කියලා. එවන්න ඕනි විදිහක් කිව්වද? මං එතනටත් ගිහින් බලන්නන්කො...

    ReplyDelete
    Replies
    1. ඔව් , ක්‍රමේ එතන දැම්මා. අජිතුත් කිව්වා, එයාගෙ ඒවත් එවන්නං කියලා.🙏👌😊

      Delete
  9. මේක අගේ ඇති වැඩක්.

    මං වෙනුවට ලියන එකෙක් තමයි මේ ඉන්නෙ.
    https://deshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හතිලව්වේ! කොහොමද මේක මිස් වුනේ? තව තියේ නං, සමාවෙලා දෙන්ට , ඈ?😉🙏

      දැම්මා.😊

      Delete
  10. බට්ට කියල එකෙක් ලිවුව පුස්කාපු පොත තමයි මේ.

    http://puskolapotha.blogspot.com/

    මදාවිය ලියපු එක තමයි මේ.

    http://madhumadhavi135.blogspot.com/

    ප්‍රියන්තගෙ මතක තමයි මේ.

    http://priyantha-ab.blogspot.com/

    තේනුවර මහත්තයගෙ කතාව තමයි මේ.

    http://magekathandara.blogspot.com/

    අකමගෙ අඩවිය තමයි මේ.

    http://akmadawiya.blogspot.com/

    රත්ගමය ලියපු එක තමයි මේ.

    https://rathgamayablog.blogspot.com/

    ගැමිය ලිවුව පත්තිරුව තමයි මේ.

    http://pathiruva.blogspot.com/

    ReplyDelete
  11. http://manomandira.blogspot.com/

    https://ahasenenna.blogspot.com/

    http://kurutugegeepawra.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ.😊
      සිරා ආයෙ බ්ලොග් එක ලියන්න හදනවා. "නැට්ට කොටා" හිටපු ගමන් ඇවිත් බාගෙට හොම්බ දානවා. යනවා.🤔

      Delete
  12. ආන්න ජංසන්. අමතක නොවෙච්ච, හිතට වැදිච්ච පෝස්ට් තියේ නං දෙන්න. ලොකු උදව්වක්. සමහර බ්ලොග් වල"ජනප්‍රිය" ගජට් එක නෑ. තිබ්බත්, හොඳම එක, ඒකම නෙමෙයි. වැඩිම වෙලාව යන්නෙ, ඒක හොයන්නයි. ඒත් වරදින්නත් ඇහැකි.🙏

    ReplyDelete
  13. ප්‍රසන්නගෙ ලටපට
    https://chaprasanna.blogspot.com

    විදානෙගෙ මළදානෙ
    http://cvpsur.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අපරාදෙ බං ප්‍රසන්නගෙ ලටපටේ ලියපු එකා දැන් ලියන්නැත්තෙ. මොනව උනත් සිංහල සිනමාවෙ ස්වර්ණමය බොකක් තමයි ඒ බොක.

      Delete
    2. ඔය උඩ ඉන්න උං දෙන්නම එකයි. මට පේන්ඩ බැරි යක්කු.!

      Delete
    3. ඇයි උඹේ තාප්පෙටත් රිවස් කළාද මළදානෙ.

      Delete
  14. ඉවෝන්
    https://iwanpaulooshaa.blogspot.com

    වාසනාවන්ත කාළකන්ණියා
    http://wasanawanthaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බල්ලො ලියන එකේ ලව්පූසාටත් ඉන්වයිට් කරන්න. එෆ් බී එකේ පුරු පුරු ගගා ඉන්නෙ ඔය

      Delete
    2. ඌට මං වරක් දෙකක් කිව්වා. ඒ මූසලය එන්නෑ...

      Delete
    3. මං හිතන්නෙ ඌ තාම අර මුදලාලියගෙ ලැට් එකේ ඉන්නෙ කූර බස්සගන්න බැරුව.

      Delete
    4. ලව්පූසාට පාඩමක් උගන්වන්න, ටොමියො ඕකවත් මේකට ඔබහංකො.එතකොට එයත් "හිටපු" බ්ලොගර් වෙනවා.😈🤣

      පව් කියලත් හිතෙනවා, ලඟදි "ලොකු අයියා" කියල පට්ට පෝස්ට් එකකුත් ලිව්වා. කිසි කෙනෙක් දන්නෙ නෑ, පෝස්ට් එක අප්ඩේට් වෙන්නෙ නැති නිසා.😒

      Delete
  15. බණ්ඩා කියල සිරා රහස් පරීක්ෂක කතා ලියපු ආතල් පොරක් උන්නා
    http://bandagekatha.blogspot.com/

    ඉයන් ඊට හතයි
    https://lankanian.blogspot.com/

    ReplyDelete
  16. පොඩි කුමාරිහාමි
    http://garlandoftales.blogspot.com/

    සමකය වටේ
    (ඒක වහල)

    මනෝ ලෝකෙ
    http://manogeloka.blogspot.com/

    ලොකු පුතා
    http://widiyabandara.blogspot.com/

    නිදහසේ නවාතැන
    http://nidahaseinawathana.blogspot.com/

    ReplyDelete
    Replies
    1. // පොඩි කුමාරිහාමි http://garlandoftales.blogspot.com //

      අන්දර මල්දම පොඩ්ඩි විතරක් නෙවෙයි ලිවුවෙ. ඒක හය-හවුලක්. රවියයි කෙල්ලො රොත්තයි, ඒ කිවුවෙ රවී, රන්දිකා, පොඩ්ඩි, අමා, ජනූ, සිත්තමී යන උදවිය මාරුවෙන් මාරුවට කතාවෙ කොටස බැගින් ලිවුවා. හොඳ එක්ස්පරිමන්ට් එකක්.

      Delete
    2. ලින්ක් වැඩිවෙනකොට පේජ් එක ලෝඩ් වෙන්න වෙලා යනවා කියල හිතෙන්නෙ මට විතරද? කුට්ටි කරන්න වෙයිද?🤔

      මේකෙ වෙන කිසිම අමතර ගැජටුත් නෑනෙ?

      Delete
    3. අවුල තියෙන්නෙ බ්‍රව්සරේ. කුකීස්, කේෂ්,ආර්ලු-බූරලු ඔක්කොම හිස්කලාම හරියනවා.

      මේ තියෙන ලින්ක් පෙරහැර හෙමීට තමයි කරන්න වෙන්නෙ. මලීගෙ Abnormal Minds එකට පෝස්ට් දෙකක්ම එබුවා. අනිත් ඒවා වලටත් ඒකම කලෑකි. හොඳ පෝස්ට් හොයන්න වෙලා යනවා.

      Delete
    4. Active links වැඩි වෙනකොට page load problems එනවා නං, ඒ ටික අයින් කරලා නිකංම ලින්ක්ස් ටිකක් දාමු. කෝමත් දැන් 'Open link in new tab' option එක තියෙනවනෙ.

      // හොඳ පෝස්ට් හොයන්න වෙලා යනවා //

      කිසීම හදිස්සියක් නෑ ටොමී සාං. මේ දවස් දෙකට මේ හොඳටෝම ඇති. අපි කොහොමත් කතා වුනේ ටික ටික හෙමිහිට මේ පෝස්ට් එක අප්ඩේට් කරමු කියල නෙව.

      Delete
    5. ඔව් එහෙම හොඳයි. Open link in new tab' මට මිස් වුනා. ඒ ටික අප්ඩේට් කරන්නම්.ලෝඩ් වෙන එක එච්චරම අවුලක් නෑ වගේ.

      අජිත් සිංඩියක් හදන්න ට්‍රයි කරනවා. එකම ප්‍රශ්ණෙ, කොලම් 5 විතර සිම්පල් බ්ලොගර් ටෙම්ප්ලේට් එකක් නැති එකයි. මේක බලල පොඩි තල්ලුවක් දෙන්න ඇහැකි නං ලොකු උදව්වක්?

      https://balunakuta.blogspot.com/2021/10/blog-post_14.html?showComment=1634289634712#c901240215722540576

      Delete
  17. හද ගී පොත
    http://hadageepotha.blogspot.com

    ReplyDelete
  18. බව්වා තුමා වැඩක් නොවැ කොරල තියෙන්නෙ. නියමයි ආ!!

    ReplyDelete
    Replies
    1. තාම කියන්න ඉක්මන් වැඩියි. මේක කට්ටියගෙම වැඩක්.🙏

      Delete
    2. කලින් ගියපු තැන් ආයේම මතක් උනා . නොගියපු තැන්වල යන්න හිතුන

      Delete
  19. චන්දන කියල එකෙක් හිටිය කෙබර හල හල. අපරාදෙ ඌ උගේ මල ඉලව්ව වහල දැම්මනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම වහපුව සෑහෙන්න තියේ. මාරයා,වර්ණ, වත්....ඒත් ඒ අයට හේතුවක් ඇති.🤔

      Delete
  20. http://atheethagamanmaga.blogspot.com/

    මගිය ලිවුව ගමන්මග තමයි ඔය තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. උන්නැහේගෙ පිලේ පැදුර
      http://pilepadura.blogspot.com/

      තරියගෙ කෙරුවාව
      http://thariyagekeruwawa.blogspot.com/

      රජාගෙ අඩවිය
      http://harshana-bc.blogspot.com/

      නිෂාන්ගෙ මඩිස්සලේ
      http://sinhalaya-lokayata.blogspot.com/

      සෑම් ගෙ කතාව
      http://samindikasrimantha.blogspot.com/

      ගස් ගෙ ලභ්භ
      http://samindikasrimantha.blogspot.com/

      පවිත්‍රයගෙ සුළැඟිල්ල
      http://pavithra994.blogspot.com/

      Delete
    2. ලභ්භ හැලිල.
      http://gaslabba.blogspot.com/

      Delete
  21. හෙටානිද්දට අලුත් බ්ලොග් ටික දාල යාවත්කාලින කරනවා.
    https://kolambagamayasyndy.blogspot.com/p/blogs.html

    ReplyDelete
    Replies
    1. සිංඩියක් නේද? නියමයි. මේ කීපදෙනෙක්ම කියල තිබ්බා, හොඳ සිංඩියක අවශ්‍යතාවය. ටක්කෙටම "හොඳ" කියන එක කියන්න දන්නෙ නෑ. ඒත් මගේ අනුමානය:

      1. පිලිවෙලකට "නඩත්තු" වෙන, ඇක්ටිව් සිංඩියක් ( අලුත් බ්ලොග් ඇඩ් කර ගන්නා)
      2. මට නං වැඩියෙන්ම ඕනා වෙන්නෙ, අලුත්ම පෝස්ට් ටික උඩින්ම තියෙන, ඒකට මුල්තැන දෙන සිංඩියක්.

      ඔබත් සාකච්චාවට සහභාගි වෙනවා නම්, අනිත් අයත් අදහස් දක්වාවි. ස්තූතියි.

      Delete
    2. බසු මේ මගේ ම වෙන බ්ලොගක්. බ්ලොග් පේජ් එකක් ඔය තියෙන්නේ. අප්ඩේට් වෙන්න නම් ගැජට් එක පැත්තකින් එල්ලන්න ඕනේ නේද?

      Delete
    3. ඔව්, අර බ්ලොග් රෝල් ගැජට් කීපයක් වුනත් එල්ලගත්තෑකි. layout එක සැරටම එඩිට් කරන්න ඕනෙ. ඔක්කොම, පොස්ට් සහ අනිකුත් ඒව අයින් කරලා. තනිකරම,බ්ලොග් රෝල් ගැජට් කීපයක් විතරයි. ඒවා , අවශ්‍ය විදිහට කැටගරි වලට වෙන් කලෑකි.

      මට තේරෙන විදිහට, මේ වැඩි හරියක් දුවනගිරි සිංඩි හදලා තියෙන්නෙ , එහෙම පාටයි.🤔

      Delete
    4. සමහර වෙලාවට , එහෙම හදපු "රෙඩි මේඩ්" බ්ලොග් ටෙම්ප්ලේට් ඇති බාගන්නත්. වැඩේ ලේසියි.

      https://btemplates.com
      https://gooyaabitemplates.com/best-blogger-templates/

      බුරා තමයි, ඔය ගැන ටක්කෙටම දන්නෙ.

      Delete
    5. හරි . මම බ්ලොග් රෝල උඩට දැම්ම. දැන් අප්ඩේට් වෙනවා. දැන් ඉතින් එකතු කරන්න තමා තියෙන්නේ.
      https://kolambagamayasyndy.blogspot.com/

      Delete
    6. මට බලන්න බෑ, තාම. Invitation Only කියනවා. Public කලාම, බලමු.

      Delete
    7. තේරුනේ නැහැ.
      https://kolambagamayasyndy.blogspot.com/

      Delete
    8. This blog is open to invited readers only.

      ඕක දැනට බලන්න පුලුවන් ආතර් වන ඔබට පමණයි. සෙටිංස් ගිහින් "Public" සිලක්ට් කරන තෙක්. By default තියෙන්නෙ Private.

      Delete
    9. අඩේ අමතක වුනා. හදනකන් වහලා තිබ්බේ. පරණ බ්ලොග් එකක් නේ. 2014 විතර හදපු.

      Delete
    10. Hallelujah! අහා, දැන් පේනවා.🙏😒🤗

      දැන් තේරෙනවා නේද, කොහොමද කෙමෙන්ට් සෙන්චරිය ගහන්නෙ කියලා?🤣👌

      Delete
    11. තව සෑහෙන වෙනස්කම් කරන්න වෙනවා. නැත්නම් සිංඩියක් වෙන්නෙ නෑ, තවත් රෙගියුලර් බ්ලොග් එකක් විතරයි. මම උඩින් කියපු ටික:
      https://balunakuta.blogspot.com/2021/10/blog-post_14.html?showComment=1634318589254#c5999851366863314461

      තේරුනේ නෑ, මයෙ හිතේ?😒

      Delete
    12. ඔවොව් , බව්වව් දැන් වෙලාවක් නැහැ. අපහු ප්‍රයිවෙට් දාල වෙනස් කරල බලමු.

      Delete
    13. අජිත්,
      මම කියලා තියෙන එක වැරදියි. බැලුවා. ඒක හිතන තරම්ම ලේසි නෑ. බ්ලොග් රෝල් හැම තැනම දාන්නෙ දෙන්න නැති පාටයි.
      XML එඩිට් කරන්නයි, වෙබ් ප්‍රෝග්‍රෑමින් ගැනයි දැණගන්න ඕනෙ පාටයි. එහෙම දන්න කෙනෙක්, ටෙම්ප්ලේට් එකක් දුන්නොත් මිස, හරි යන පාටක් නෑ.

      Delete
    14. ඉතින් මම අර උඩ ඉඳන්ගැජට් එක දම්ම එක හොඳ නැත්ද

      Delete
    15. මෙන්න මේ වගේ. මේක සම්පූර්ණ නැහැ.XML නොදැන මේක කරන්න බෑ. XML ස්ක්‍රිප්ට් වරහන් labyrinth එකට ගියොත් බල්ලො නන්නත්තාර වෙනවා.

      https://gamekopikade.blogspot.com

      මේ මම තියෙන ටෙම්ප්ලේට් එකක් අරං කල අටවන-මාටින් අත්හදා බැලීමක්. ඒකයි මං කිව්වෙ, අපට වෙබ් ඔස්තාර් කෙනෙකුගෙ උදව් ඕනෙ, ටෙම්ප්ලේට් එකක් ඉල්ල ගන්න කියලා. එහෙම ලැබුනොත්, ඉතුරු සයිට් මේන්ටේන් කරන එක, අජිත්ට කෙරුවෑකි

      Delete
  22. අඩේ.....!! මේක දැක්කාම ලැජ්ජ හිතුණ. ඉක්මණට මොනව හරි ලියන්නං.ටොමියටයි බූරයියටයි ඉස්තුතියි මාව මතක් කළාට. 🤗

    ReplyDelete
    Replies
    1. අඩෙඃ! ආං එහෙමනෙ ඉන්නෝන. සන්තෝසයි ඈ.

      Delete
    2. බාප්ප දැක්කා වගේ සන්තෝසයි නෝනෙ.😊🤗

      Delete
    3. විඩක් ටොමිය උත්තර බඳිනෝ, විඩක් දොරකඩ ගහේ බස්ස උත්තර බඳිනෝ. ලියන්ඩනං දේවල් එමට තියෙනෝ, මේදවස්වල කොලුවෙක් එක්ක ඔට්ටු වෙනෝ
      ඩිංගක් හරි ඉඩක් හම්බෙච්ච ගමං ජනුව ලියනෝ :-D
      දැක්කනෙ අපි රැප්සීන් එකේ ඉන්නෙ හරී

      Delete
    4. මේක කට්ටියම කරන වැඩක් නෙව නෝනෙ?🤭🤐😁

      Delete
    5. මාත් ආවෝ! ජනූ අක්කණ්ඩි මේ ඉසව්වට පාර පෙන්නලා බොහොම කල්. ඒ වුණාට මගෙ බ්ලොගර් ප්‍රොෆයිලේට ලොග් වෙන්ඩ බැරිව උන්නා මෙච්චර කලක්. පෝස්ට් දාගන්ඩ විතරයි පුළුවං, කොමෙන්ට් බෑ. අද කොහොමහරි යතුර මාරු කොරගෙන පාර හොයාගෙන ආවා! හරි සන්තෝසයි මේ පරණ යාළු හිත මිත්තරයෝ මෙහෙම දැක්කහම! :)

      Delete
    6. අවුලක් නෑ, ආයෙ ලියන එකම ලොකු උදව්වක්. මම හිතෙන්නෙ ජනූටත් එහෙම ප්‍රොෆයිල් අවුලක් තිබ්බ කියල හිතෙනවා.

      Delete
  23. ටොමි, වැඩිය මොකුත් නොකියන්නේ නොදන්නාකම නිසා. මං බ්ලොග් කියලා දෙයක් තියෙන බව දන්නෙත් අවුරුදු හතරක ඉඳලයි.
    වැඩේ නැඟලා යනකොට පට්ට සතුටුයි!
    ඔක්කොම කොම්පිලිට් වුණාම බැරියැයි test කොර-කොර පරණ අඩවිවල කරක් ගහන්න.

    ReplyDelete
    Replies
    1. මේවා ඔක්කොම තොරොම් බෝල විතරයි. නිදි කරන එක- දිගටම පෝස්ට් ලියන එක තමා, වැදගත්ම දේ.👌🙏

      Delete
  24. මගේ ලෝකය ලියපු කළණ(ආටියා) යන්න ගිහිල්ලා. සුභ ගමන්, නොදුටු මිත්‍රයා.😢😒

    ReplyDelete
    Replies
    1. විදානේ සහ කලණමිත්‍ර බුකියේ පොස්ට් දාල තිබුන. දැන් මාස දෙකක් විතර වෙනවා. අපේ ඔය ඉස්කෝලෙකට පොත් දුන්න වැඩකටත් සෙට් වුනාද කොහෙද.

      Delete
    2. අනේ ඉතිං මේ ඉන්න ටිකටනෙ, මේ වාහෙලා කාගන්නෙ කියල හිතෙනවා.😒😡

      Delete
    3. ඒ කිව්වේ , මේ මල්ලි හොඳ එක්කෙනෙක්. කාටවත් කරදරයක් නැති. මම දන්නා විධිහට. මේ අන්තිම පෝස්ට් එක මං හිතන්නේ.
      http://magelokaya01.blogspot.com/2021/06/2297.html

      Delete
    4. මේක කියලත් බෑ, නොකියත් බෑ. වලියට යන්න එපා, ඒත් "මට මීයෙක්ගෙ ගඳ" එනවා.🤔
      https://kolompure.blogspot.com/2021/10/blog-post_16.html?showComment=1634388350779#c909371306148318457

      දෙවෙනි කමෙන්ට් එකේ වාහලා කිව්වෙ, මඩ ඇනෝලට.

      Delete
  25. මම මේ පෝස්ටුව මගේ බ්ලොග් එකේ ඉහලින්ම එල්ල ගත්තා!

    ReplyDelete
  26. ටොමී වෙත ආදරයෙන්. අළුතින් බ්ලොග් කිහිපයක් එක්වී ඇත ඒ පිළිබඳව නිසි ප්‍රචරනය ලබා දෙන්නට නිබඳවම් බුරණ්න!
    raviscoluman.blogspot.com

    yapanepemwathi.blogspot.com

    magadhigatayapane.blogspot.com

    ReplyDelete
    Replies
    1. ගියා දෙකටම. බුරලා, ආයෙ එන්නම් කියලා ආවා.😉🤭

      Delete
  27. අනේ ටොමී, තරහ නැතිව බලන්නකො මෙව්වාත් උඩ ලිස්ට්ස්වල තියේද කියලා.
    https://sugv.wordpress.com/ - දෙයියන්නෙ රටේ
    http://swethapradheepa.blogspot.com/ - ස්වේත ප්‍රදීප
    https://asammathaya.wordpress.com/ - අසම්මතය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඒව නෑ. දැන් හෙමීට දාගන්නම්.😊🤗

      Delete
  28. මමත් 2009 ඉදලා බ්ලොග් ලියනවා https://lktips.com/
    මේ සින්ඩි එක මගේ https://sithuvili.net/ බ්ලොග් කියවන්න මේ පැත්තේ ඇවිල්ලා යන්න.

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පා. මාර සංතෝසයි ආවට. ඒක මම ආසම සිංඩියක් නෙව?

      මම හිතෙන්නෙ, අපට අවශ්‍යම ඒ ස්ටැයිල් එක කියලයි. සරලයි, උඩින්ම තියෙන්නෙ අලුත්ම පෝස්ට් විතරයි. එකම අවුල, අලුත් බ්ලොග් එකතුකර නොගන්නා එකයි කියලා බස්සෙකුත් කිව්වා. මාත් ට්‍රයි කලා. ප්‍රතිචාරයක් තාම නෑ.

      Delete
    2. ඔව්, මාත් උත්සාහ කලා, හරි ගියේ නෑ. සිංහල වියුණු එකතුව සිංඩිය විතරක් ඇඩ් කරගත්තා. සමහර පාඨකයින් කියනවා, අලුත් සිංඩියක් ඕනෙයි කියල. මට හිතෙන්නෙ අවශ්‍ය නෑ කියලයි. අවශ්‍ය සිතුවිලි වගේ සිංඩියක් ඇක්ටිව් වෙන එක විතරයි. ඒත්

      මම හිතෙනවා, මට තේරෙනවා කියලා, තියෙන අවුල. සිංහල බ්ලොග් වැටිලයි හිටියෙ. ලියන/කියවන දෙගොල්ලොම අඩු වුනා. සිංඩිම විසි ගාණක් තිබ්බා, සමහර ඒවා වහලම දැම්මා. ඒත් දැන් තත්ත්වය ආයෙත් හොඳ අතට හැරීගෙන එනවා.

      කාළයත් එක්ක, කියවන අය කෙසේ වෙතත් ලියන( සිංඩි ඇඩ්මින්ලාත් ඇතුලුව) අයගේ ජීවිතේ වෙනස් වෙලා ඇති. කාටවත් දොස් කියන්න බෑ, ඕක තමයි ලෝක ස්වභාවය.

      ඒත් මාසෙකට සැරයක්වත්, ඊ-මේල් බලලා, අලුත් බ්ලොග් ඇඩ් කරගන්නවා නම්, අපට කරන ලොකු උදව්වක්.🙏🤗

      Delete
    3. @ටොමියා @D.G.M බස්සා බ්ලොග් එකතු කර ගන්නවා ගිය දවස් වල වැඩ වැඩි උන නිසා ඒ ගැන බලන්න උනේ නෑ අද රෑට ඔකොම ටික Add කරලා E-mail කරන්නම්.

      Delete
    4. එළ. නියමයි. 🙏🤗😊
      මට තේරෙනවා. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට සහ ඔබේ සහයෝගයට.

      Delete
    5. නිදිගෙ පංච තන්තරේට නං කාලෙකට ඉස්සර හිටන්මයි 'සිතුවිලි සටහන්' සින්ඩියේ හඳ පෑව්වේ... ඒ ගැන මං ස්තුතියි කියනවා අදත්!

      Delete
    6. අපිට කොයින්දෑ පූසෝ මාළු, අපි යනවැයි මූදු?🤭😉😷🐶

      Delete
    7. සිතුවිලි සටහන් සින්ඩිය මගේ බ්ලොග් එකේ එල්ලගෙන තියෙන්නේ. ඒත් බ්ලොග් එකක් තියනව කියල දන්නේ නැහැ. (https://lktips.com/)

      Delete
    8. මේක බ්ලොග් එකකටත් වඩා වෙබ් අඩවියක් නේද

      Delete
    9. ඔව් ඔබ හරි, ඒක වෙබ් අඩවියක්/ මැගසින් වර්ගයේ එකක් තමයි. මේ තියෙන්නෙ ඒ වගේ තවත් එකක්:

      https://www.lifie.lk/

      Delete
    10. තෑන්ක්ස් Nadun. 🙏👌😊. නකුටත් දැන් සිංඩියේ.

      Delete
    11. @ Nadun Ranaweera

      මේකත් ටිකක් බලන්න.🙏🤔
      https://balunakuta.blogspot.com/2021/10/blog-post_18.html?showComment=1634696491075#c4996113693293384714

      Delete
  29. අර සහන් කියල ලියපු බ්ලොග් එකයි, තව න්‍යෂ්ටික විද්‍යාඥයෙක් වගේ හෙන බොරු කතාවක් සිරාවට ලියපු බ්ලොග් එකක් තිබ්බ නේද , හෙන වලියක් එහෙම ගියා මතකයි ..

    මාරයා ගේ ලින්ක් එකත් නෑනේ .. (මට ඇස් පේන්නැද්ද )

    මේ තියෙන්නේ මගේ එකේ තිබ්බ තව ලිනක්ස් ටිකක්

    මම කොයි වගේද ?
    https://4s7sw.blogspot.com/

    නිම්නයක තනිවී හීන දකින්නී
    https://nimnyakatanivi.blogspot.com/2016/12/blog-post.html

    රජස්
    http://rajausnew.blogspot.com/2016/08/blog-post_18.html

    ReplyDelete
    Replies
    1. මාරයා වාෂ්ප වුනා. මැකුවෙ නෑ, ඒත් ඒක බලන්න දෙන්නෙ "ආතර්"ටයි, එයැයිගෙ යාළුවොන්ටයි විතරලු. මම කොයි වගේද එකටත් ඒ සන්තෑසියම තමා.

      හ්ම්... සන්ලයිට් සහන් නේද? වලි වුනාට කමක් නෑ, ලිව්වා නෙව? බලන්නම්. ලින්ක් දීලා තියෙන ටික ඇඩ් කරන්නම්. ස්තූතියි.🙏😊

      Delete
  30. http://mynagekatha.blogspot.com/

    https://karadiyarali.blogspot.com/

    ReplyDelete
  31. මට මතකයි "කතන්දර" කියා බ්ලොග් එකක් තිබුණා. ඒක 2009 ඇරඹිලා 2014 දී නැවතුණා.
    https://kathandara.blogspot.com/

    :-(

    ReplyDelete
    Replies
    1. හැබෑටම තිබුනා නෙන්නං එහෙම එකකුත්.🤔

      Delete
  32. අම්මෝ ලිස්ට් එක.
    මමත් ඉන්නවා 116ට

    මේ සෙට් එකම ආයෙ ලියවන්න බැයිද අපිට ?

    ReplyDelete
    Replies
    1. කාලයත් එක්ක හැම දෙයක්ම වෙනස් වෙනවා සෑම්. ලියන අයගෙත්, කියවන අපෙත් ප්‍රමුඛතා,පරිසරය, කැපවීම් වෙනස් වෙලා ඇති. ඒ කාලය සහ අවස්ථාව ආයෙ එන එකක් නෑ. 🤔😒

      Delete
  33. ඔයගොල්ලෝ සිතුවිලි සටහන් බ්ලොග් කියවනය වෙනස් කරලා ඉල්ලපු නිසා මම එකේ මුහුණු වර වෙනස් කළා. දැන් ඇවිල්ලා බලන්න දැන් කලින් ට වඩා වෙගවත් ව ලෝඩ් වෙනවා. ඒ වගේම මේකේ ඔයාගේ බ්ලොග් නැත්තම් නැවත එකතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. https://sithuvili.net/

    ReplyDelete
  34. ඇත්ත නේන්නං. දැන් හරි නඳුන්!

    ReplyDelete
  35. එහෙමත් කලක් ගියා ... හෙහ් ....

    ReplyDelete

වන්දනාවේ ගිය එළුවා

ඉස්සර කාළෙ , අපේ මුතුන් මිත්තො සිරීපාද වන්දනාවෙ ගිය හැටි අහල තියනවා නේද? එදවස, ඉතාමත් දුෂ්කර සහ අන්තරාදායක ගමනක් වූ සිරිපා වන්දනාවට යන්නෙ, ත...