Monday, October 11, 2021

බලු කතාවක්

"බල්ලාට ඇති වැඩකුත් නැත, හෙමින් ගමනකුත් නැත" කියන කතාවෙ,  මම එකඟ කොටසකට විතරයි. ඔහෙල නොදන්නව වුනාට අපිටත් වැඩ තියෙනවා. වෙලා තියෙන්නෙ, බල්ලො ගැන ඔහෙලා පෝස්ට් නොලියන එකයි. මෙන්න මගේ වැඩ රාජකාරි වලින් කොටහක්:

හන්දියෙ බේකරියෙන් පාන් 'අතමාරුවට" ගෙන දිවීම, බළලුන් පස්සේ පැන්නීම. පුරහඳ ඇති රෑ ගැන්සිය සමඟ සිංදු කීම. බුදියා ගැනීම, බ්ලොග් කියවීම, සැකුරිටි වැඩ. බ්ලොග් වලි වලට හොම්බ දැමීම.  ඔය ඉහල පැලැන්තියෙ නෝනල ගාව ඉන්න බලු සුරතලුන්ට "වෙන" රාජකාරිත් තියනවා කියන්නෙ? අනේ, මං දන්නෙ නෑ ඕවා. ඒ වගේම, සමහර බල්ලොන්ට, මේ ඔහෙල අපිට නැති සැප තියෙනවා. බෑංක් එකවුන්ට් තියෙන බල්ලොත් ඉන්නවා කියනවා. 

"කච්චිය පිච්චියට ගියත් බල්ලා එලුවෙන්". ඕකත් ඇත්තම නෙමෙයි, එහෙ බල්ලො සපත්තු, මේස් දාලා කලසං, කෝට් අඳිනවා කියල, අර බකුසුමොටා කියන්නෙ?

"දැමුවත් හත් වසරක් උන පුරුකේ. බලු වලිගේ ඇද....." ඕකත් ඒ වගේම බේගලයක් නෙව? ගෙදර හිටිය "බ්ලැකී" කියන පරයා ඩෝග් , එයාගෙ නකුට "රිට" වගේ කෙලින් කරන් යන එකට කිව්වෙ "කොඩිය" දාගෙන යනවා කියලය කියල කිව්වෙ, බකුස්. නාන්න අකමැති බ්ලැකී, මේසෙයට බුදියාන ඉන්න කොට" කෝ, මේ බ්ලැකීයා, අද නං මූව නාවන්න ඕනෙ" කිව්වාම, "බැහ්ක්" ගාලා උඩ පැනලා දුවන බවත්, "කොඩිය" දාගෙන ගම වටේම රස්තියාදුවේ ගොස්, එන්නේ සවස බවත් කිව්වා.

මිනිස් වැඩ කරපු බල්ලෙක් ගැන කතාවක්,  කාලෙකට පෙර "නෙලුම් විලේ" බින්දි ලිව්වා. දැන් එයා බ්ලොග් ලියන්නෙ නෑ.😒

මිනිසෙක් වූ බල්ලෙක්

තවත් අපූරු බලු කතාවක්, ලිව්වෙ "Rear Gate" ලියපු චාමි, උන්දැවත් බුකිය ගිල්ලා.😒

බල්ලා ගොඩගත් කෙල්ල

ජිම්නාස්ටික් කරන, පොඩි බලු පැටියෙක්.


වීඩියෝව තප්පට 1:18, ඒත් ටයිම් ස්ටෑම්ප් 0:54 සිට නැරඹන්නත් ඇහැකියි.

සත්තුන්ට වෙදකම් කරන දොස්තරට බලු දොස්තර කියන්නෙ ඇයි?  අපි නාන්න වගේම අකමැති දෙයක් තමයි "වෙට්" විසිට් එක. දෙකම -වෙට්. මේක තප්පර 2:28 යි. ඒත් කැමති නං විතරයි. නැහ්නං අපෙ ආච්චිට කිඹුහුං ගියාම මෙහෙම කියයි " ඈ බොල වල් පූසිගෙ පුතෝ! තෝ ඒ වංගියෙ බොග දාන්නත් ගත්තද?"

මෙතැන 'වල්' යනුවෙන් අදහස් කලේ මා මිස උන්දැගෙ දෝණි , අපෙ අහිම්සක අම්ම නොවන බව කරුනාවෙන් සලකන්න.


 

කාලෙකට පෙර සැම්බියාවෙ දොස්තර කෙනෙක්, කැනේඩියන් කාන්තාවක් බැඳලා, සැස්කචවාන් වලට ආවා. ඇවිත් ක්ලිනික් එකක් දාගත්තා. ක්ලිනික් එකට ආපු තරුණියක්, චෝදනා කලා, ඩොකා තමන්ට ඉන්ජෙක්සන් එකක් ගහලා, පැරලයිස් කරලා බලෙම්ම "ටීක්" ලෑව කියලා. ඔප්පු කර ගන්න බැරි වුනා. DNA මැච් වුනේ නෑ.

ගෙදරදි බිරිඳට, තමන්ගෙ පලමු විවාහයෙ දැරියගෙ ඇඳ ලඟ තිබිලා "සබර්" කොපු හම්බ වුනා. දැරිය කිව්වා, දොස්තර බාප්පා තමන්ට පාඩම් මතක ඉන්න බේත් දෙන බවත්, හොඳට නින්ද ගියත්, ඇහැරුනු විට ඇඟට අමාරු බවත්. බිරිඳ පොලීසි ගියා. වැඩේ පත්තු වුනා. කස්ටිය ආව, ඩොකාගෙ ලේ ගත්තා, ඒත් DNA මැච් වුනේ නෑ. ඒත්, එක ස්මාට් ලැබ් පරීක්ෂකයෙක් කිව්වා, මේ ලේ "මැරිලා" බවත්, ජීවත් වන මනුස්සයෙකුගෙ ඇඟේ නං මේ ලේ තියෙන්න බෑ කියලා. ඩොකා දීලා තිබ්බ ගේම පහල ලින්කුවේ. පස්සෙ පටි ගලෝලා පිටුවහල් කලා.

John Schneeberger          https://en.wikipedia.org/wiki/John_Schneeberger

ප්‍රෙඩී සිල්වා මහතා බලු සිංදුවක් කිව්වා, ඒකෙ ඉන්න බල්ලා මලා, උපවාස කරලා.

අපි මොන බල්ලොද, සෑර්?



                            ☜(゚ヮ゚☜)                        ༼ つ ◕_◕ ༽つ                         (☞゚ヮ゚)☞

             

සුදීකගෙ බලුකතා:

කොල්ලෙකුට ඇඩ්රස් නැතිකල බල්ලෙක්

අපූරු කතා දෙකක් .....

(තව එකක්, සුදීකගෙ පහල කමෙන්ට් එකේ තියෙනවා.)

ඩ්‍රැකීගෙ බලුකතා: ( ඒකෙ කමෙන්ට් කියෙව්වොත්, තව බෝනස් කතාත් තියනවා)

තව එක්තරා ඇත්ත කතාවක්...


චොකලට් නෝනගෙන්:

ඉතින් නැගිටින්නකෝ!....  ( ලස්සන චිත්‍රයක් සමඟ)

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

110 comments:

  1. නියමයි ටොමිය. අර කොමෙන්ට් ලින්ක් වල පරණ බ්ලොග්ගල් කපපු අය ගොඩක් දැක්ක නෙව. මේවා කොහේ හංගලා තිබ්බද හේ හේ සින්ඩි වලවත් තිබ්බේ නැහැ නේ

    ReplyDelete
    Replies
    1. මේ දෙදහස් දොලහෙ විතර කාලෙ මිණි කැට. මතක අය, අලුතින් එන අය දිරිමත් කරන්න, මේවා මෙහෙමවත් එලියට අදින්න ඕනෙ. නෙට් වර්කින් තමා හොඳම ප්‍රචාරක ක්‍රමය කියලයි, මට හිතෙන්නෙ.🤔

      කලින්ම ආවට බොහොම ස්තූතියි. ඔබතුමන්ලාගෙ උත්සහයට, අපෙත් බලු සපෝට් එක! 🙏👌🤗

      Delete
    2. මේක ලියන්නේ අර ටෙකිල ගහන බොක්සරය නෙමේ නේද

      Delete
    3. ටෙකිල ගහන බොක්සරය බ්ලොග් ලියූ දාට ලී බෝනික්කොත් පොත් ලියනු ඇත.🤣😂

      Delete
    4. පිණෝකියෝ කියල බ්ලොගයක් පටන් ගන්න කියමු එහෙනම්.

      Delete
    5. නම නං හොඳා. මට ඕන්නං , අර දිග නහයයි, ඒක උඩ වාඩිවෙලා ඉන්න බොක්සරයෙකුයිගෙ චිත්‍රයක් වුනත් ඇඳලා දෙන්නත් බැරි කමක් නෑ. වැඩා....ක් නෑ. උන්දැට කියලා බ්ලොග් ලියවන්න, බොහොම දෙනෙක් ට්‍රයි කලා. ම්හු....එයා ලිස්සුව.😂

      Delete
    6. ලිස්සන මල්ලක් ඕක , පිනොකියෝ ප්‍රා කියල බ්ලොගක් හදල දෙමු

      Delete
    7. හෙහ්, හෙහ්👌😂🤣

      Delete
  2. කුක්කුර ගති අගෙයි අපෙ මිනිසුන් වගෙද
    වලිගෙ ඇදේ තිබ්බම මක් වෙනවාද
    ටොමියා ලියන්නේ කොයි කාලෙක හිටද
    රචනය මල් හතයි තව-තව තියෙනවද?

    ReplyDelete
    Replies
    1. තට්ට මහත්තයා ලඟකදි මෙහෙ ආවා
      මස් කට්ටෙන් මට තඩි බානව කීවා
      හතර ගාතෙ, සට-පට මැඩලින් ගැහුවා
      ලිව්ව නෙමෙයි, පට් පට් ගාලා කෙටුවා

      Delete
    2. පට් පට් ගාල කෙටුවම මෙහෙම නං කවි
      ටොමියො ලියාපං බ්ලොග් ලිපි වලින් කවි!

      Delete
    3. කවියට ලැබුනු මුල්පොත වුනෙ ඔබෙ කවියයි
      කවියක් දුටු සැනින් දැන් වලිගය නලියයි.

      Delete
    4. වලිගය නලියනා එක නං හරි පුදුමයි
      උණ පුරුකේ දමා තැබුවොත් එය හරියයි

      Delete
    5. බල්ලෝ හිනාවෙන්නේ වලිගෙන් නේද
      උණ පුරුකේ දැම්මම හරි යනවාද

      Delete
    6. නරි මොටා පාරෙය..
      බසු නං බයංකාරය..
      ටොමී නං මාරය..
      කයි තනන්නට හරිම සූරය...

      Delete
    7. ගමයගෙ කුකුල් කොටුවට මං පැන්නාට
      අතමාරුවට කිකිලියෙකුත් ගෙන දිව්වාට
      මගෙ හිතු මනාපෙට පාරේ උන්නාට
      අකමැත්තක් නෑ, මාව හදා ගන්නවට

      Delete
    8. ඔය නරි මොටා ආවොතින් අද
      දෙන්නෙමි කළු කුඩු බස්නෙන් ඇඟ පුරාවට
      කිකිලියෝ කොහොම වෙතත් නරිමොටෝ බොට
      හොල්මන් පෙනේවිය පාන්දර ජාමෙට

      Delete
    9. හුඟ කලකින් දැනුනේ
      නැහැ, මෙහෙම භීතියක්
      නරි කියන්නෙ කැලේ
      ඉන්න බල්ලො ජාතියක්😰😨

      Delete
    10. කට කසනා නිසා නාහා බැරිය මලේ
      නරියා ඉන්නෙ කොහොමද කැපුවොතින් කැලේ?

      Delete
    11. 'කැලේ ඉන්නා බල්ලෙකුයි මම' කියා කීවත් බොරු ගොතා
      හොක්කි හූ හඬ සඟවගන්නට බැරුව දඟලයි නරි පුතා
      කොළඹ ගමයගෙ කුකුළු කොටුවට පැනල කෑ ගුටි ගැන කතා
      පත්තරෙත් අද වැටිලා තියෙනෝ කියෙවුවොත් රසවත් ඉතා

      Delete
    12. ඈ බං නරි පුතා
      ඇත්තද මේ කතා
      හොඳට හිතා මතා
      උඹත් හරිම සතා

      Delete
    13. ගස් වළඳන යක්කු අඩුයි මේ දේසේ පනේ
      මොටා-ගෙදර නරිය ඉන්නෙ බෝරියල් වනේ

      https://www.nrcan.gc.ca/our-natural-resources/forests/sustainable-forest-management/boreal-forest/13071

      Delete
    14. ටොමී මේ, ඒක නෙවෙයි. නරකය පෝස්ට් එකක් ලීවොත් අපි ඒ කාලෙ (2010-2012 වගේ කාලෙ) කියෝපු, ඒත් දැන් අප්ඩේට් වෙන්නැති බ්ලොග් ගැන පෝස්ට් එකක් දැම්මොත්? මෙහෙම කමෙන්ට්ස් අස්සෙ ලින්ක්ස් දැම්මහම ඒක ආයෙ ආයෙ හොයාගන්නත් අමාරුයි. බ්ලොග් පෝස්ට් එකක් විදියටම දැම්මොත් හොයන්නත් ලේසියි, අලුතෙන් බ්ලොග් මතක් වුනොත් පෝස්ට් එක අප්ඩේට් කරන්නත් ලේසියි. බොලාත් ඒ කාලෙ ඉඳන්ම බ්ලොග් ලෝකෙ ඉන්න එකා වෙච්චි, බෝ තමා මේකට ගැලපෙනම සතා.

      නිකංම බ්ලොග්වල නම් දාන්නෙ නැතුං පොඩි වාක්‍යයක දෙකක විස්තරයක් එක්ක (ලිවුවෙ කවුද, ලිවුවෙ මොනාද වගේ), ඇක්ටිව් ලින්ක් එකකුත් එක්කම දාන්න පුළුවන් නං වඩාත් හොඳයි. අලුතෙන් එන අයට ඒ කාලෙ මිණිකැට හොයලා දෙන්න ඒක හොඳ ක්‍රමයක් වෙයි කියලා මම හිතනවා.

      ඔන්න මම මතක් වුන ලිස්ට් එකක් දානවා. ඔය බ්ලොග්වල බ්ලොග් රෝලට ගියොත් පරණ මිණිකැට ඔක්කොම වගේ හොයාගන්න පුළුවන් වෙයි.

      1. දුකා
      2. දුමීගේ කට කහන කතා
      3. ඉන්දික උපසාන්තගෙ සැහැල්ලුව
      4. තිස්ස අයියාගෙ සින්දු කඩේ - හද ගී පොත
      5. හෂිතගේ රසවතිය
      6. ඩියුඩ්ගේ ඩෙනිම
      7. වත්ගේ සොඳුරු සිත
      8. බින්දිගේ නෙළුම් විල
      9. නවමගෙ නවම් මාවත
      10. බුද්ධිගෙ සයිබර් යාය
      11. ඔබ්සර්වර්
      12. ජනූගෙ සටහන් (මේක වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක්)
      13. සපතේරු උන්නැහේ (මේකත් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක්)
      14. බ්ලොග් ගඩොල්
      15. මූදු කොල්ලකාරයා
      16. අරූගේ අඩවිය (මේකත් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක්)
      17. බීට්ල්ගෙ අකුරු
      18. සඳරුගේ හිස් අහස
      19. අක්කණ්ඩිගෙ පුලින තලාව
      20. හසිතගෙ ආගිය කතා
      21. ඕනයාගේ ඕනමැන්ටල්

      Delete
    15. මේං තව ටිකක් මතක් වුනා.

      22. මකරාගේ මකර රජදහන
      23. සංජුගේ සයිබර් සමාගම
      24. චාමිගේ රියර් ගේට්
      25. එකේ වාට්ටුව

      Delete
    16. අඩේ, මසුරං වටින අදහසක්. හැබෑටම,ඒකාලෙ බොලොග් ලිව්ව, කවුරුත්ම දැන් නැත්ද?

      හරියටම කරනව නං, අර හැලපගෙ "සිත්ගත් සාහිත්‍ය කලාකෘති" ස්ටැයිල් එකට කරන්න ඕනෙ.හොඳ පෝස්ට් ගැන කියන්නත් ඕනෙ, ඒත් පෝස්ට් එකකින් කොපි කරන්නත් බෑ. එතකොට නං වැඩේ කුට්ටි කරන්නම වෙනවා.

      කොත්තු මුල් කාලෙ මගෙ බ්ලොග් එකක් තිබ්බා, වෙන නමකින්. පස්සෙ කාලෙක ගියාම, අක්කණ්ඩි මාව අඳුනගත්තා කියහංකො.

      බූරුබබාත් බ්ලොග් එකක් ලිව්වා. උඹ එයාවත් දන්නව ඇති. (බූරුබබා තමා කිව්වෙ ජපන් කෙල්ල එක්ක හිටි "කලු-සුද්දා" මැරුනා ලියල. එච්චර ඈතට යන්න ඕනෙ නෑ, එක්කො.)

      Delete
    17. මේක සෑහෙන්න බොන්න ඕනෙ අදහසක්. රෑ ජාමෙට බොන්න බෑනෙ. හෙට උදේ දෙකක් , නමාගෙන ඉතුරු ටික සාකච්චා කරමු.😊👌🥂

      Delete
    18. // හැබෑටම ඒ කාලෙ බොලොග් ලිව්ව කවුරුත්ම දැන් නැත්ද? //

      මම හිතන්නෙ 90%ක්ම දැන් බ්ලොග් ලෝකෙ නැහැ. ගෑල්ලමයි වැඩි හරියක් කසාද බැඳලා ළමයි හම්බෙලා වගකීම් වැඩි වෙනකොට සමුගත්තා මං හිතන්නෙ. රටින් පිට හිටිය උදවිය ආයෙමත් ලංකාවට ගියහම බ්ලොග් ලියාගන්න බැරි වුනා වැඩ වැඩි කමට. තව සමහරු මලා. ඔය වගේ විවිධාකාර හේතු ඇති ඉතිං. මම දන්න විදියට තාම ඇක්ටිව් ඉන්නෙ බෝ, මම, ප්‍රසා, පැතුම් (ඌත් ලියන්නෙ යලට-මහට දැන්) වගේ කීප දෙනෙක් විතරයි.

      // හරියටම කරනව නං... හොඳ පෝස්ට් ගැන කියන්නත් ඕනෙ... වැඩේ කුට්ටි කරන්නම වෙනවා //

      ඔය වැඩි වැඩ කරන්න ගියොත් පුතේ වැඩේ වෙන්නෙ නෑ. කුට්ටි කෙරුවොත් ආයෙමත් හොයාගන්න අමාරු වෙනවා. එක පෝස්ට් එකක් ඇති. ලිස්ට් එකක් විදියට දාන්න, වාක්‍ය දෙකක විස්තරයයි, බ්ලොග් එකට ලින්ක් එකයි විදියට. අලුතෙන් මතක් වෙන ගානට මේ පෝස්ට් එක අප්ඩේට් කරලා ලිස්ට් එකට ඇඩ් කරනවා. සයිඩ් බාර් එකේ පර්මනන්ට් ලින්ක් එකක් දාලා තියන්න ඒ පෝස්ට් එකට.

      // හැලපගෙ "සිත්ගත් සාහිත්‍ය කලාකෘති" ස්ටැයිල් එකට කරන්න ඕනෙ //

      මේ පෝස්ට් එක ලියලා, ඊට පස්සෙ පට්ටාං ගන්න ඒ වගේ වැඩක්. Series එකක්. එක පෝස්ට් එකයි - එක පැරැණි බ්ලොග් එකයි. මේකෙ දාන්න පුළුවන් අර පෝස්ට් එකේ ගිය හොඳ ලිපි කීපයක කොටස් හා ලින්ක්ස්. හරියට අර Main පෝස්ට් එකේ දිගුවක් වගේ. ඔන්න බොට තව අවුරුදු ගානක් බ්ලොග් ලියන්න මාතෘකාවක් දුන්නා. :-D

      // බූරුබබාත් බ්ලොග් එකක් ලිව්වා //

      රංගිගෙ බ්ලොග් එක Il mondo මොකක්ද එකක් නේ ද? බෝ පට්ටාං ගන්නකො ලියන්න. මමත් පරණ එවුවා හොයලා සප් එක දෙඤ්ඤා.

      මේං තව බ්ලොග් කීපයක්.

      26. පින්තු සර්ගෙ තම තම නැණ පමණින්
      27. හරීගෙ හීනලන්තය
      28. Abnormal Minds
      29. චේජනාගේ පිටුව

      Delete
    19. දැනටමත් අපට සමහරු මිස් වෙලා. බරපතල Disclaimer එකක් දාන්න වෙනවා(ප්‍රාජේට ඒ කොටස දෙමු).දැනට මතක ඇති අය කියලත්, දිගටම අප්ඩේට් කරනව කියලත් කියන්න වෙනවා.

      ඉවාන් පවුලූෂා ( උන්නද-මලාද හරියට කියන්න බැරිනිසා)
      බස්සීගේ නවාතැන
      ඉතාලියේ සිට ලියමි
      මනෝ -ඉතාලිය (බ්ලොගෙ නම හොයා ගන්නම් පරණ පෝස්ට් බලල). තව ඉතාලි සැට් එකක්ම හිටියා.

      රවියගෙ නිදහස් සිතිවිලි නොදාම බෑ. ඒත් සම-කතෘ තාම යලට-මහට ලියනවා.
      පොත් ගුල්ලා
      ප්‍රහාරය - සුමිත් නිරිඇල්ල.
      කවිඳු
      කලණ ( රෝසි අක්කගෙ)
      තව පූසො සෙට් එකකුත් හිටියා

      මේ ඔක්කොම හොයන්න ඕනෙ.

      http://kathandara.blogspot.com/2012/07/why-blog-by-anonymous.html

      http://reargate.blogspot.com/2012/06/blog-post_28.html

      මේක දෙක දැක්කාම,බයත් හිතුන බාං. වඳින්න ගිය දේවාලෙ, ඉහේ කඩාගෙන වැටෙයිද?
      සමහර වෙලාවට, හොඳ චේතනාවෙන් කරන්න යන දේත් වරදිනවා. අදටත් ඒ අය බැනුම් අහනවා. ඒ කාලෙ, මඩ බ්ලොග් ලිව්වෙ/ඇනෝ ආවෙ, බ්ලොගර්ලාමයි කියලා කව්ද කිව්වා.
      පස්සෙ ඒ කට්ටිය බුකිගතවුනා කියල හිතන්න අපි හැමෝම කැමතියි. ඒත් එහෙම නොවෙන්නත් ඇහැකි. කුහකකම අපේ පරම්පරා උරුමයක්.

      මට හරියට, නින්ද ගියෙත් නෑ බාං. එක්කෝ මේක පට්ට සරල විදිහට කරන්න ඕනෙ. එතකොට ඒක, ඩ්‍රැකියගෙ බ්ලොග් රෝලට වඩා වෙනසක් වෙන එකක් නෑ. කොහොම කලත් අවුල්, ඒත් පනින්න පෙර, හොඳට හිතා බලන්න/ බොන්න වෙනවා.


      It's a good day to die!

      Delete
    20. බුදුහාමුදුරුවන්ටත් දේවදත්ත ගල් පෙරළුවා. මගේ අදහස නං ටොමී, වැඩේ හොඳට-සැරේට කෙරෙන තරමට වැරදි පෙන්නන- විවේචනේ කරන අයත් හිටින්න ඉඩ තියෙනවා.ඒත් හොඳ හිතිං කරන නිසා පැත්තකින් එව්වා තියෙද්දෙන් කියලා වැඩේ පටන් ගන්නකො.
      බුරටිනෝ හා ඔයා කියලා තියෙන බ්ලොග්වල නම් ඇහුවෙත් අදයි මං නං! දෙකක්ද කොහෙද නම් දැක්කා වගේ මතකයි!

      Delete
    21. පෙරලුව නේන්නං? බුදුන් නිසාම බේරුනා.

      දැන් බල්ලන්ට හරි ජයයි
      අපි බල්ලන්ට හරි බයයි
      මේ බල්ලො ඇනෝලට බයයි
      අපි පරණ බ්ලොගර්ලට ණයයි

      Delete
    22. // මඩ බ්ලොග් ලිව්වෙ/ඇනෝ ආවෙ, බ්ලොගර්ලාමයි කියලා කව්ද කිව්වා //

      ඇනෝ කමෙන්ට්ස් ඩිසේබල් කරලා දැම්මහම අහවරනෙ

      Delete
    23. ඔව්, ඒක කරන්නම වෙනවා.තව ටිකක් මතක් වුනා. ඩ්‍රැකියා ආව නං ලිස්ට් එක පුරවාවි.

      විචාරක
      Praසන්னගෙ ලටපට
      මධුමාධවී
      සුරංගගෙ යාං හෑල්ල
      කතන්දර (පරණ බ්ලොග් එක)
      අටමා
      දේශකයා

      එකම අවුල, මේ සමහරු තාම යලට-මහට ලියනවනෙ? ඒක ප්‍රශ්ණයක් වේවිද?

      Delete
    24. දැනට නොලියවෙන ටිකෙන් පටන් ගම්මුකො. ඔච්චර දුරට පේන බල බලා ඉන්න ගියොත් වැඩේ වෙන්නෙ නෑ.

      පාඨකයන්ට ඕනෙයි කිවුවොත් යලට-මහට ලියන ඒවා ටිකත් ඇඩ් කරලා දාන්න බැරිය.

      Delete
    25. මේක මාරු.//හුඟ කලකින් දැනුනේ
      නැහැ, මෙහෙම භීතියක්
      නරි කියන්නෙ කැලේ
      ඉන්න බල්ලො ජාතියක්// ඒක නෙමේ , මට ලොකු ඉරිසියාවක් දැනෙනවා. දෙවෙනි පෝස්ට් එකෙන්ම මේ තොමොඉය සීය පනින්න යන්නේ. කොහොමද උන්දැ දෙන ගේම. වහාම කුහක වෙන්න ඕනේ. 😀

      Delete
    26. //1. බ්ලොග් කලාව මහා ලොකු දෙයක් නොව තත්‍ය සමාජයේ "පොරක්" වන්ට බැරි කෙනෙකුට "පොරක්" වීමේ මාර්ගයක් පමණකි. උදාහරණයක් හැටියට අධ්‍යාපනය, ආර්ථිකය හා ලිංගික ජීවතය යන තුනින්ම තත්‍ය ලෝකයේදී සාර්ථකත්වයක් නොලැබූ කොම්පැණියක සුළු සේවකයෙක් සලකන්න. මේ පුද්ගලයාට පොරක් විය හැක්කේ අතත්‍ය අවකාශයේදී පමණෙකි. ඔහු එතැන "පොරක්" වී අහිංසක ලෙස තම අවශ්‍යතාව සපුරා ගනී. කුමක් හෝ වහන්තරාවක් අකුරු කොට මැට්ටියන් "මං එක" කියා කමෙන්ට් දමන්නට පොරකනු බලා ස්වයං වින්දනයක් ලබයි. ඒ හැරුණු විට මහා ලොකු දෙයක් එතැන නැත.// මේක පට්ට බොරුවක් කියල මට පස්සේ තේරුනා. මමත් ඔහොම හිතුව බ්ලොගේ පටන් ගත්ත කාලේ. බ්ලොග් ලියන්නේ (වැඩි හරියක්) හම්බ කර ගන්න ටික හම්බ කරගෙන, පිටරට වල හොඳ ජොබ් කරන , නැත්නම් කරලා ලංකාවට ආපු සෙට් එකක්., ලංකාවේ නම් එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න යමක් කමක් තියෙන උන්. දනමක් නැති පොර වෙන්න බැරි උන් නෙමේ. ඕක මම ගුටි කාල ඉගෙන ගත්තේ. සත්තයි. මම එක පාරක් බ්ලොග් කට්ටියට මාසෙට රුපියල් 1000 දීල සම්මානයක් දෙන්න හැදුව. (පස්සේ තව බ්ලොගර් කෙනෙක් එකතු වෙලා ඒක 5000 ට වැඩි කළා ). මට ඔය යුනි ස්ටුඩන්ට් ලට හෙම ඩෙටා කාඩ් ගන්න කියක් හරි දෙන්න තමා ඕන වුනේ. ඔය ඔයා උඩ ලියපු රන්ගි තමා පළමු වෙඩි මුරය තිබ්බේ දේශපාලනඥයන් ගෙන් අරන් සල්ලි දෙනවා කියල. සත්තයි මගේ සාක්කුවෙන් සහ අර බ්ලොගාගේ සාක්කුවෙන් ගියේ. මාර බ්ලොග් වලියක් ගිහින් පස්සේ තව අය එකතු වුනා වලියට දෙකට බෙදිලා. දැන්නම් හිනා යනවා. හෙන බොළඳයි. පස්සේ කාලෙක දැන ගත්තා ඒ හැමෝම ඔය මම කියපු මුදල් අතින් ප්‍රශ්නයක් නැති සෙට් එකක් කියල. පස්සේ අරුණ පෙරේරා මගේ ගෙදර ආපු වෙලාවක රන්ගි හා මා අතර පොඩි කෝල් එකක් දාලා හෙලෝ කියල ශේප් වුනා. මාත් මාස තුනෙන් වැඩේ නැවැත්තුව. කොටින්ම එක එක රටවල ඉන්න අය පාලුවට කාන්සියට බ්ලොග් ලියනවා වැඩියි. පොරක් වෙන්නම කියල මටනම් හිතෙන්නේ නැහැ. තමන්ගේ සැඟවුණු නිර්මාණ හැකියාවන් එළියට දාන්න. ඒක හොඳ දෙයක්නේ.
      අමතක කරලමු පැරණි කතා
      එක්වෙමු බ්ලොග්ලොව ලියුම පතා

      Delete
    27. \\අමතක කරලමු පැරණි කතා
      එක්වෙමු බ්ලොග්ලොව දියුණ පතා\\

      හරියට හරි. පොරොන්දු වෙච්ච විදිහට, මම පෝස්ට් එක ලියල පබිලිස් කලා. තාම අසම්පූර්ණයි, හැමෝගෙම අදහස් වටිනවා.😊🤗

      මොන 100 ද, මේකෙ තනිකරම තියෙන්නෙ චැට් නෙව?🤣

      Delete
  3. මිඛායිල් බුල්ගාකොව් ගෙ "බල්ලෙකුගේ හදවත"ත් ආවනං තවත් සම්පූර්ණයි. ඔහොම යං ටොමියො. බොට කියන්ඩ ගොඩක් දේ තියෙනව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔත්තුවට. සමරි එක කියෙව්වා. දැන් පොත හොයන්න යන්න වෙනවා.
      මේක අහන්නෙ අර සිංදුව අහන ගමන්.🙏👌😊

      Delete
    2. මං එවන්නන් 'බල්ලෙකුගේ හදවත' පොත. කොහොමද එවන්නේ. ඔන්න ටොමී, වෙලාව ඉතිරියි, ලියන්න පටන් ගත්තහැකි නේද අර පරණ blogs ගැන ලිපිය.

      Delete
    3. සෑර්, අපිත් පොත් කියෝනව. මෙහෙම කරමු:

      1. google drive කියල ගහන්න,google වල.
      2. දෙවනි එක to continue to Google Drive - Google Drive: Sign-in කොටන්න.
      3. එතකොට යයි කෙලින්ම, My Drive පේජ් එකට. එතන වම් පැත්තෙ උඩින්ම තියන"+ New" එකට කොටන්න.
      4. එතනින් File Upload සිලෙක්ට් කරලා, අදාල ෆයිල් එක සිලෙක්ට් කරලා ඕපන් ඔබන්න. කියාවි "අප්ලෝඩ් කරනව" කියල. පස්සෙ කියාවි "හරි" කියලා.
      5. දැන් පෙනේවි අදාල ෆයිල් එක. ඒකෙ රයිට් ක්ලික් කරලා, "Get Link" සිලෙක්ට් කරන්න.
      6. දැන් ඇරුන බොක්ස් එකේ Restricted----> Anyone with the Link වලට මාරු කරන්න.
      7.දැන් "Copy Link" එකට කොටල, ඇවිත් මෙතන අලවන්න.

      මෙන්න මගෙන් "ජූලි 7"
      https://drive.google.com/file/d/1yJRIhsFuijp1kvMxuW1QpoMliQ5FLCP0/view?usp=sharing

      Delete
    4. මෙහෙම පොත් වලින් ගතමනාව ලැබෙද්දි බෑ කියන්නෙ කොහොමද? ඔන්න ඔහේ, බැන්නාවෙ? මම ඉතිං බල්ලා නෙව?😂👌🙏

      Delete
    5. මං ලඟත් පොත් සෙට් එකක් තියනවා. කැමතිනම් ෂෙයාර් කෙරුව හැකි.

      Delete
    6. The more, the merrier. 👌🙏🤗🥂

      Delete
    7. මගේ ළඟ තියෙන්නෙ මුද්‍රිත පිටපතක්නේ!

      Delete
    8. හුටා! එහෙමත් එකක්ද? අවුලක් නෑ, හොඳහිත වටිනවා පොතට වඩා. මට ඉංග්‍රීසි පොත හොයාගන්න පුළුවන් වේවි.👌🤗😉

      Delete
    9. කොහෙවත් හොයා ගන්න නැති, ආයෙත් මුද්‍රණය වෙන එකක් හිතන්නවත් බැරි පොත් දෙක තුනක්වත් මගේ සන්තකයේ ඇති. ක්වො වාඩිස් පරිවර්තනය 'කොයිබටද' ඒ වගේ පොතක්. ඔයාලාගේ මඟ පෙන්වීම ඔස්සේ මොකක් හරි කරගන්න ඉඩක් තියේද කියල මගේ IT යාලුවන්ගෙන් අහ ගන්නම්කො, හෙමිං සැරේ.
      ඕනි වුණොත් උදව් කරනවා නේද?

      Delete
    10. නැතුව? පොත් සංරක්ෂණය ඕනෙ උදව්වක්.🤗👌🙏

      Delete
  4. ෆලොවර්ස් ගැජට් එක දාහං. මුලිම්ම මං ඇති.

    ReplyDelete
    Replies
    1. කෝ? කොහෙද ඒක තියෙන්නෙ? හොයාගන්ඩ බෑනෙ, මේ ටෙම්ප්ලේට් එකේ...

      Delete
    2. ඔය තියෙන්නෙ, වම් තීරුවෙ, ටොමියට පහලින්. උඹ මොබයිල් එකෙන් වත්ද, බලන්නෙ? බොගේ පිංතූරෙ දැනටමත් වැටිලා.😊

      Delete
    3. මං බලන්නෙ අඟල් 23 මොනිටරෙන්. ඒ උනාට පේන්නෑනෙ. ටොමියට පහළිං තියෙනව "රිපෝට් ඇබියූස්" එකයි, පරණ ලිපි යි...

      Delete
    4. තීම් එකේ අවුල තිබ්බෙ. දැන් හරි යන්න ඕනෙ.

      Delete
    5. තීම් එක නං දැන් සිම්පල්. තාම පේන්නෑ හැබැයි.

      Delete
    6. ෆලොවර්ස් ගැජට් එක, දැන් "මම ලියපු ලිපි" වලටත් පහලට දැම්මා. මට නං පේනවා.🤔

      මම ලොග් අවුට් වෙලා බලන්නම්.

      Delete
    7. මොකක් හරි මගෙ අවුලක් ඇති. ගනං ගන්ඩෙපා. ෆලොවර්ස් ගැජට් එක ඉහළිම්ම තියෙන්ඩෝනෙ. ඒ නිසා තැන වෙනස් කරන්ඩත් එපා.

      Delete
    8. ඔව්, තව ටිකක් බලමු. ෆලොවර්ස් ගැජට් එක දැන් උඩම, "හොම්" වලට පහලින්.

      Delete
  5. Replies
    1. අඩේ, ඒක අමතක වුනානෙ. පට්ට සිංදුව.🙏👌😊

      Delete
    2. ඔව්. ඒකෙ උඹේ නමත් තියෙනව...

      Delete
    3. ටොමියා කියන නම බල්ලො අතර හරි ජනප්‍රියයි.😊

      Delete
    4. ඔව්. කාලෙයක් තිබ්බා ගමක ඉන්න කොල්ලංගෙං අති බහුතරය "කුමාර" ලා වෙච්ච

      Delete
    5. මතක් කරන්ඩ එපා කුමාරයෝ ගැන... මතකනේ නාමල් කුමාරයාලා ගැන... නෑ නෑ කුමාරවරු තුන්දෙනා නෙවෙයි, නාමල් කුමාර ගැනයි මං කිව්වේ.

      Delete
  6. අර ෆිල්ම් එක අපේ පොඩි රාළ ආසම එකක්. කල්ලො සෙට් එකක් කරල තියෙන්නෙ. ඒකෙ හාව තමයි හොඳම. දෙවෙනි එකේ හැරිසන් ෆොඩ්ත් ඉන්නව. අනික් හොඳ ම දේ තමයි, සත්තුන්ගෙ ඉරියව් හොඳමට නිරූපණය කරනව, හැඟීම් එක්ක.

    ReplyDelete
    Replies
    1. "බල්ලෙකුගේ හදවත" ෆිල්ම් එකකුත් තියේ නං වැඩේ ලේසියි, හොයාගන්න. ස්තූතියි.😊👌🙏

      Delete
    2. dog's purpose ලස්සන බ්ලු කතාවක්, බලපං.👌

      "මහ බලුනකුට" හෙහ්, හෙහ් ඒක නං පට්ට බොලං.🤣

      Delete
    3. බ්ලූ නෙමෙයි, බලු -පවුලේ කතාවක්.😂

      Delete
    4. The Secret Life of Pets නං නියමයි තමා. වොයිස් ඇක්ටර්ලා කලු අය වෙන්න ඇති.

      Delete
    5. මම ඩෝග්ස් පර්පස් බැලුවෙ ප්‍රා ගෙ මග පෙන්වීමෙන්, මේක ලියපු කාලෙදි.

      Delete
    6. කියෙව්වා. හපොයි දෙයියනේ,ඒකෙ තිබුන දුක්මුසු කතා! කියල තිබ්බ කතාව ඇත්ත, හැම බල්ලම එක වගේ නෑ. ඒත් මිනිස්සුන්ට වඩා හොඳ බල්ලො ඉන්නවා.

      එහෙම සතෙක් නැතිවෙන එක දරාගන්න අමාරු දුකක්.😒😪

      Delete
    7. හැම බල්ලම හොදයි නරකයි කියල කියන්න සාධක නැත්නම්. හැම මිනිහම නරකයි හොදයි කියන්න සාධක නැත්නම්.

      Delete
    8. මම බල්ලෙක්, සෑර්. මට ඔච්චර ගැඹුරු දේවල් තේරෙන්නෙ නෑ. බොක්සර් නං කිව්වෙ, හැම බල්ලම, මිනිහම කලු-සුදු චරිත කියලයි. එයා දැණුම් තේරුම් තියෙන සත. ඉතිං මාත් තේරුනා වගේ "බුහ්" කිව්වා.

      ඔහෙට කිව්වම මොකද, ඇත්තටම මට ඒ කියපු දේ තේරුනේ නෑ නෙව? ඇයි කලු-සුදු. මේ මගේ දුඹුරුත් තියෙනවනෙ?

      Delete
    9. http://www.allboxerinfo.com/boxer-dog-colors

      Delete
    10. ඒත් සෑර් හැම බල්ලම මෙහෙමද? මට හිතෙනවා, නෑ කියලා.

      https://drackey.blogspot.com/2017/11/blog-post_26.html?showComment=1511867169211#c5975899016171773036

      බල්ලොන්ටත් කඳුලු එනවා, සෑර්.😪😒

      Delete
  7. Shapeshifting ප්‍රගුණකලාම ස්පීසීස් අතර විතරක් නෙමෙයි එකම ස්පීසීස් එකේත් වෙනත් වර්ග පුලුවන්. ලගදිම මිස්ටර් තෝමස් බොක්සර් කෙනෙක් වෙලා ලියයිද මංද.
    Anyway congratulations I'm impressed. You have managed the writing with different personas with lots of credibility.

    ReplyDelete
  8. Replies
    1. මේ ටික දැක්කාම මට හිතුනා, අපට තව කොච්චර හොඳ පෝස්ට් මිස් වෙලා ඇද්ද කියලා. ස්තූතියි සුදීක,හෙට දවසටම මේ ටික ඇති. තව දන්න ඒවා තියේ නං දෙන්න.🙏🤔😊

      මම උඩ අජිත්ට කිව්වෙත්, නෙට් වර්කින් තමා හොඳම ප්‍රචාරක ක්‍රමය කියලයි - වින්-වින්. 👌🙏😊

      Delete
  9. ආං අහරෙ නරිමොටා හැමතැනම දෙස්-දෙවොල් තිය තියා යනවලු බ්ලොග් කලාව බල්ලට ගිහිල්ලා කියලා.

    "ටොමියන්ටත් පුළුවන් නං බ්ලොග් ලියන්ට, මාත් ලියනව බ්ලොග් එකක්" කියලත් පාරම්බානව ලු. උන්දැගෙ බ්ලොග් එකේ නම 'ෆොක්සියාව' ලු.

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ් ඒකට අලිමොටා කිව්වලු" අනේ මේ, මෙන්න මෙහෙ කැලේට වෙලා හිටු, ගමරාළගෙන් මෝල්ගස් පාරක් නොකා"කියල.😂

      Delete
  10. ටොමිය. හොදා හොදා ඔහොම යං.

    ReplyDelete
  11. ලියන එකනේ ඇත්තෙ දැන් දිගටෝම. හිටු මස් කටුවක් ගේනකම්....

    ReplyDelete
    Replies
    1. මගේ පලමු බලු ආශ්රයත් ටොමි කියන බලු හාදයෙක් තමා.... අනේ ඌ පරලොව ඇති දැන්

      Delete
    2. ඒ ටොමියා ගැන ලියන්න.

      Delete
  12. හරි, මමත් අවා, බල්ලෙක් බ්ලොග් ලියනවා දැක්කමඊ (අබුද්දස්ස කාලේ)(LOL) මේ සමහර බ්ලොග් පොස්ට් කියවා ඇත

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ඔහෙත් සෑහෙන කාලයක් මේකෙ කරක් ගහල තියෙන පාටයි. මේ සමහර පෝස්ට් 2012. ලියපු අර දැන් වාෂ්ප වෙලා.🤣😂

      ඔය කමෙන්වල ඩ්‍රැකියා දීලා තියෙනව ලින්ක් එකක්. තව සුදීකත් දීලා තියනවා, ලින්ක් තුනක්.😊

      මම කැමතිම සිංදු:
      හූ ලෙට් ද ඩෝග් අවුට්..හූ...හූ
      The Bitch Is Back

      කැමති ගායකයෙක්:
      Snoop Dogg

      Delete
    2. විජේබාහු , අබ්බුද්දස්ස කාලේ බ්ලොගුත් බලු වෙනවාලු

      Delete
  13. උඩින් දීලා තියෙන එකම-එක link එකකටවත් නොයා සිටීමේ මාගේ මේ අසීරු ව්‍යායාමය හුදෙක් අහිතක් නිසා නොව, සුපුරුදු ලෙස ඊළඟට publish කල යුතු පෝස්ටුව ලියා ගන්නටය!

    ReplyDelete
    Replies
    1. ඒ ව්‍යායාමය, එසේම ඉටු වේවා. ඒත් පස්සෙ යන්න, එව්වා නියමයි.
      සුදීකගෙ ඒවාට කමෙන්ට් හොඳටම මඳි. මම මේ ක්‍රමයක් හිතනවා, පබ්ලිසිටි දෙන්න.🤔

      Delete
    2. මාත් හිතන්නන් ටොමී.

      මේ දවස්වල මං ඉන්නේ නිරුදක කතරක. සතියක් වෙනවා, ළිඳේ වතුර මෝටරය කැඩිලා. පාරෙන් වතුර ලයින් එකක් ගන්න එහෙ-මෙහෙ රස්තියාදු වෙවී. වෝටර් බෝඩ්- නගර සභා අරවගේ-මෙව්වගෙ යමින්....
      අල්ලපු ගෙදර දේවිකා නන්ගිලගෙන් වතුර ඉල්ලගෙන පිරිමහ ගන්නේ. ඉතිං වෙලාව අඩුයි....

      Delete
    3. හා, එහෙනං ඒක තමයි පෝස්ට් පරක්කු වුනේ. ඒකට කමක් නෑ, ඉස්සෙල්ලා ඒ වැඩ ටික ඉවර කර ගන්න. හිතට නිවනක් තියෙන්න එපෑයි පෝස්ට් ලියන්න.

      මෝටරේට මොකක්ද වුනේ? රෙපරාර් කරන්න බැරිද? බැකප් එකට හරි, පාරෙ ලයින් එක තියෙන එක හොඳයි.

      Delete
    4. ස්තුතියි ටොමී, තව ඉතිරි වෙලා තියෙන්නේ වෝටර් බෝඩ් එකෙන් ඇවිත් supply එක දීම විතරයි. අද හවස් වෙද්දී අනෙත් සේරම වැඩ ඉවරයි.

      Delete
    5. අහන්නත් සතුටුයි. ඒක හොඳ පියවරක්.ඒත් මම කියන්නෙ, මෝටරේ පස්සෙ හදාගෙන,මේක බැකප් සැපයුම කරගන්න කියලයි.

      Delete
  14. අම්මට සිරි එහේ බලලා මෙහේ බලන කොට වෙන්න ඕන දේවල් ඔක්කෝම වෙලානේ! ඉදිරිය සුභයි! කියලා කියන්න ඉක්මන් වැඩිද?

    ReplyDelete
    Replies
    1. තව ටිකක් බලමු නෙහ්?😂🤣

      Delete
    2. ආපු අයගෙ උනන්දුව දිගටම තියාගන්න එක තමා, ලොකුම කඩුල්ල. අලුත් සිංඩියක් ඕනෙ කියලත්, කතාවක් ඇහුනා.🤔

      Delete
  15. ටොමියා ස්තූතියි බ්ලොග් පරපුරට දෙන මේ තල්ලුවට. බලු කතා ටිකකුත් ඔහොම්මම ලියමු! :)

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒක හොඳ අදහසක්. 👌😊

      බල්ලන් ගැන කවි ගී ලියවුනා මදී!

      Delete
  16. බලු කතාවක් බලල යන්න ආව. ආයෙ එඤ්ඤං.

    ReplyDelete
    Replies
    1. දැකීමත් සතුටක්. වෙන මුකුත් නොකිව්ව එක දුකක්. 😊

      Delete
  17. 100 සහ 101 වෙනි කොමෙන්ටුව දමා ෂැම්පේන් උගුරක් බොන්නට යමි.

    ReplyDelete
    Replies
    1. මාත් බ්ලැක්බෙරි වැයින් දෙකක් නමා ගෙන යනව බුදියන්න. හැති.🥂🙏😊

      Delete

සුබලයාගේ පින

   ඔය අල්ප දයන්න  වගේ ඇදට ඉන්නෙ සුබලයා. ( චීත්තයක් දැක්කාම ඔය කොයි වීරයත්.....). වාඩි වෙලා ඉන්න "ගිණි කිකිළි" කුමාරිකාවක්. එතකොට අ...