හා, හා එලුවො, බෑ,බෑ කියල බෑ. මේවා අපේ සීඕගෙ ඕඩර්ස් කතාව මෙතනින් බලන්න. C.O( Commanding Officer)
Monday, October 18, 2021
වන්දනාවේ ගිය එළුවා
ඉස්සර කාළෙ , අපේ මුතුන් මිත්තො සිරීපාද වන්දනාවෙ ගිය හැටි අහල තියනවා නේද? එදවස, ඉතාමත් දුෂ්කර සහ අන්තරාදායක ගමනක් වූ සිරිපා වන්දනාවට යන්නෙ, තම දේපල දූ-දරුවන්ට බෙදා දීලා, ජීවිත ආසාව පවා අත්හැරල බව කියැවෙනවා. මේ සිරිපා වන්දනා ගැන නෙමෙයි එළු වන්දනාවක් ගැන කතාවක්.කඳුකර එළුවොත්, පණ එපා කියල. එහෙම දුෂ්කර වන්දනා ගමනක් යනවා. වඳින්න නං නෙමෙයි ලෙවකන්න. ඒ , උන් ගේ ඇටකටු වර්ධනයට සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට අත්‍යාවශ්‍ය ලුණු(කැල්සියම් සහ අනිකුත් ලවණ) ලබා ගන්නයි. මේ ලවණ නැතුව, උන් ගේ විශිෂ්ඨ, රොක්-ක්ලයිම්බින් හැකියාවට ඉවහල් වන, මාංශ තන්තු ක්‍රියාකාරිත්වය( coordination) වරදිනවා.වීඩියෝව විනාඩි 3.52 යි. අවුලක් නෑ නේද?
Subscribe to:
Post Comments (Atom)
සුබලයාගේ පින
ඔය අල්ප දයන්න වගේ ඇදට ඉන්නෙ සුබලයා. ( චීත්තයක් දැක්කාම ඔය කොයි වීරයත්.....). වාඩි වෙලා ඉන්න "ගිණි කිකිළි" කුමාරිකාවක්. එතකොට අ...
-
බ්ලොග්වල හොඳම කාලෙ ලියවිච්ච, ඒත් අලුත් අය නොදන්න පැරණි, පරිණත බ්ලොග් හඳුන්වා දෙන්න කරන වෑයමක්. තාම අසම්පූර්ණයි, දිගටම යවත්කාලීන කරන්නයි අද...
-
ඉස්සර කාළෙ , අපේ මුතුන් මිත්තො සිරීපාද වන්දනාවෙ ගිය හැටි අහල තියනවා නේද? එදවස, ඉතාමත් දුෂ්කර සහ අන්තරාදායක ගමනක් වූ සිරිපා වන්දනාවට යන්නෙ, ත...
-
"බල්ලාට ඇති වැඩකුත් නැත, හෙමින් ගමනකුත් නැත" කියන කතාවෙ, මම එකඟ කොටසකට විතරයි. ඔහෙල නොදන්නව වුනාට අපිටත් වැඩ තියෙනවා. වෙලා තියෙන්...
සුභ ආරංචියක්: සිතුවිලි සිංඩියේ ඇඩ්මින්, කමෙන්ට් එකක් දාලා, කලින් පෝස්ට් එකේ අග. එයැයිගෙ තාක්සන බ්ලොග් එකකුත් තියෙනවා. පොඩ්ඩක් ඒ පැත්තෙත් ගිහින් එමුද? මේ සිංඩිය ඇක්ටිව් කරගන්න ඇහැකි නම්, අපේ අවශ්‍යතාවයට ගැලපෙනවා කියලයි, මට නං හිතෙන්නෙ. ඔහෙලට මොකද හිතෙන්නෙ?🙏🤗
ReplyDeleteආ, අර බ්ලොග් එකේ කමෙන්ට් දාන්න ගියාම, ඊ-මේල් ඇඩ්රස් ඉල්ලීම, not my cuppa tea.🤡🤭 ඉතිං ඔහෙල හිතන්නෙ, මම ඇත්තම ඊ-මේල් එක දුන්නයි කියලද? 🤣
ලිස්සුව
Deleteඅන්නේකයි මම email address හතර-පහක් තියන් ඉන්නෙ.
Delete@Pra Jay
Deleteඔව්, ඉතිං ඇහැව්වෙ හිතෙන දේ නොවැ? ඔය කියල තියෙන්නෙ යස අගේට.🤣😂
@බුරා
කව්ද කිව්වෙ මතක නෑ, කිව්වා "මට ඔක්කොටම තියෙන්නෙ මෙච්චරයි" කියලා.😨😰
අර ලැයිස්තුවට මේන් මේ දෙක-තුනත් ඔබන්න ඈ.
Delete1. ශ්‍රී ලාංකික ශෘංගාර සාහිත්‍යය - https://slanghome.wordpress.com/
2. යට ගිය දවස - https://sgunatunga.blogspot.com/
3. Sithangi - http://sithangi.blogspot.com/
4. මගේ මරණය - http://maranaya.blogspot.com/
5. සංගීතා - http://priyathama-sangeethaya.blogspot.com/
6. අග්නි ධාරා - http://nisapugelokaya.blogspot.com/
7. නිසූගේ කතා - http://nisugekatha.blogspot.com/
හරි, දැම්මා.😊
Deleteබෑ බෑ නොකියා බැලුවා - එළුවෝ හපන්නුය හිතුවා
ReplyDeleteසොබා දහමෙ තතු මේවා - ටොමියෝ ස්තුති වේවා!
එළුවා වගේ බෑඈ...නොකියා බුහ්.. කියතී
Deleteසතුටක් දැණුනු විට වලිගෙන් හිනා වෙතී
බූල්කෝට් තිබුනට,එළු රැව්ල නැතී
බලු ගති ඉවතලා, ඉමු සතුටෙන්ම නිති
ටික කාලෙකට ඉස්සර අලුත්කඩේ එළුවො හිටිය පාර්ක් කරපු කාර් උඩ නැගල ගස්වල කොල කන.
ReplyDeleteඅඩේ පට්ට එළු සැට් එකක් නෙව?😂🤣
Deleteඅනේ, ආයෙ හම්බවුනොත් "හායි" කිව්වයි කියන්න, ඈ?😉
https://sciencemadefun.net/blog/think-about-it-thursday-why-are-mountain-goats-such-great-climbers/
ReplyDeleteමේක, මෙතන කඳුකර එළුවො නොලියැවුනු ටික දිගුවක් වගේ.ස්තූතියි.👍🙏
Deletehttp://wehimandarama.blogspot.com/2021/10/blog-post.html?m=1
ReplyDeleteගිහින් බුරලා ආවා.😊
Deleteගියා. හොඳ ලිපියක්.😊
ReplyDeleteහොද ලිපියක්, මොකද බන් උබම ෆිර්ස්ට් කොමෙන්ට් එක දාන්නේ. ඒ ආතල් එක අපිට තියපන්
ReplyDeleteකිරි අප්පට බල්ලො බුරපි! හැබෑ නේන්නං, මම එහෙම කරලා නෙව?🤔
Deleteහා, ඒක නෙවෙයි තමුන්නාන්සෙ එනකං හිටියෙ, සිංඩි ගැන අහන්න. ඔය දකුණු පැත්තෙ තීරුවෙ,සිංඩි 18 තියනවා. එයින් උඩම තියෙන, සිතුවිලි සිංඩියේ ඇඩ්මින් මෙහෙ ආවා.
https://balunakuta.blogspot.com/2021/10/blog-post_14.html?showComment=1634547318699#c8439002493124931094
ඇඩ්මින් පොරොන්දු වූ ලෙසම, අපව ඇඩ් කරගත්තා.😊
ඒක බලල, අදහස කියනවා නම් උදව්වක්. හැමෝගෙම අදහස් වටිනවා.
එහෙමඊ සර්
Deleteටොම් මහත්තය, සින්ඩි ලිස්ට් එක බැලුවා, හැම එකම වෙනස්/හොදය් , සමහර ෆොර්මටින්ග් තමය් ටිකක් අවුල්, අප් ඩටේ නොවූ අලී පොස්ට් එකක් හරි මැද තියෙන ඒවා නම් මාර අවුල්. ඉතිරිය පාට යකා සතුය්, (නැ පාටකයා සතුය්)
Deleteහරියට හරි, ඔබතුමා ඇණේ ඔලුවට තඩි බෑවේය.😂
Delete"අලී පොස්ට් එකක් හරි මැද තියෙන ඒවා" අවුල්ය. මගේ අදහස නං, බොහෝ පාට-යකුන් එන්නේ, අලුත්ම පෝස්ට් මොනවාද කියා බලාගැනීමටය. ඒ නිසා ඒ වැඩේ සරලව කරදෙන "සිතුවිලි" සිංඩියට මගේ අකමැත්තක් දැනට නැත.
ඒහෙම කීවාට, අපට දැනට වෙන විකල්පයකුත් නැත - සම්බන්ධ කරගැනීමට හැකිවූ සහ පොරොන්දු ඉටුකල එකම ඇඩ්ඩිං සිතුවිලි සිංඩියේ නදුන් පමණි. ඒ ගැන ඔහුට සහ අදහස් දැක්වූ සැමට මගේ ස්තූතිය.🙏👌😊🤗
මෙන්න මෙච්චරනෙ ටොමී සාන් පාටයකුන්ට.. සොරි පාඨකයන්ට අවශ්‍ය.
Delete1. සරල, පැහැදිලි, එකේක ආලවට්ටං නැති ටෙම්ප්ලේට් එකක්.
2. හොඳට කැටගරයිස් කරපු (දේශපාලන, කවි, කතා, අනංමනං), නිතර අප්ඩේට් වෙන බ්ලොග් ලිස්ට් කීපයක්
ඔය දෙක හදාගන්න බැයිද මං අහන්නෙ?
"සිතුවිලි" එකේ ෆොර්මටින් එක ලෙවෙල් එකට ගත්තනම් මරු infolanka.com එක වගේ
Delete@ බුරා @ විජේ
Deleteහොඳට කැටගරයිස් කරන එක අමාරුත් ඇති, සමහරු මිශ්‍ර විදිහට ලියන නිසා. මට නං, නිතර අප්ඩේට් වෙනවා නං, අලුත්ම පෝස්ට් උඩින්ම තියේ නං සහ අලුත් අයව එකතු කරගන්නවා නං, සෑහීමකට පත් වෙතෑකි.
චෝදනා/යෝජනා කියන්න තැනක් තිබ්බට, ඒක සංකීර්ණ වුනොත් කවුරුවත් කියන්න මහන්සි වෙන්නෙ නෑ,මේ බ්ලොග්වල ඇනෝ කමෙන්ට් වගේ පහසුවෙන් කියන්න හැකි වෙන තාක් කල්.
සිතුවිලි ඇඩ්මින් මේක දැකලා, යම් වැඩි දියුණුවක් කලෙත් තමා, ඉතිං.🤔
අළුත් බ්ලොග් තියෙනවා නම් ඕනේ තරම් එකතු කරගන්න පුළුවන් කිසිම අවුලක් නෑ නිතර update වෙන දේශපාලන, කවි, කතා, අනංමනං බ්ලොග් නැති එකයි අවුල. එහෙම ඒවා තියෙනවා නම් ඒ අයව දැනුවත් කරන්න බලෙන් එකතු කරගන්න බැහැ.
Deleteකලින් තිබුණේ මේ තීම් එක (මේ පරණ සයිට් එක අපේ) https://web.archive.org/web/20111113165644/http://nimnaya.info/ දැන් ගොඩක් අය Phone වලින් එන්නේ ඒ නිසා හැම Device එකකටම පෙන විදියේ Theme එකක් දාලා තියෙන්නේ infolanka වගේ ඒවා එහෙම පෙන්නේ නෑ හැම Device එකටම.
අදහස් වලට ස්තුතිය ඉදිරියට තවත් දියණු කරන්න බලන්නම්.
පිලිතුරු දැක්වූවාට ස්තූතියි. අනිත් අයට දැනුම් දෙන්නම්.👌😊
DeleteNadun Ranaweera. බොහොම අගෙයි සින්ඩි ඇඩ්ඩින් කෙනෙක් සම්බන්ධ උන එකනම්
Delete//හොද ලිපියක්, මොකද බන් උබම ෆිර්ස්ට් කොමෙන්ට් එක දාන්නේ.// ඒක ඇත්තනේ. බ්ලොග් රූල් එකක් කලා ටොමි ඈ
Deleteඔය "කික්-ස්ටාර්ට්" කියලා, අලුත් දේවල් කරන ක්‍රමවේදයක් තියනවා නේද? කවුද දන්නෙ, මේකත් බලු කික්-ස්ටාර්ට් එකක්ද කියලා?🤔
Deleteටොමියා වෙත ලියන වගනම් "යපනේ පෙම්වතී" හා "මග දිගට යාපනේ" නමින් අළුත් බ්ලොග් දෙකක් බෞතීස්ම වී ඇ
ReplyDeleteත! ඒ දෙකත් කොයි ලෝකෙ හරි එල්ලා ගන්නා ලෙස මෙයින් බුරමි!
https://yapanepemwathi.blogspot.com/
https://magadhigatayapane.blogspot.com/2021/10/1-1.html
දෙකටම ගිහින් බුරලා ආවා. දෙකම පට්ට, හොඳ අනාගතයක් තියෙන පාටයි. බකුසු මොටා සහ නරිමොටාවත බුරලා එහෙට පන්නන්නම්. හුටා, රෝලෙ එල්ලුවෙ නෑ නෙව? මතක් කලාට ස්තූතියි.🙏😉
Deleteටොමියා වෙත හදපිරි කණගාටුවෙන් ලියන වගනම් . . . . . . .! ඔබගේ ඇන්ටි බ්ලොග් වංශකථාව මා කූඩු කොට තැබුවෙ; මගේ බ්ලොගයට ගොඩ වදින ඕනෑම බල්ලෙකුට ටොමියාගේ කූඩුව සොයා ඔය "ඇන්ටික් බ්ලොග් වංශ කථාව" (https://balunakuta.blogspot.com/2021/10/blog-post_14.html) ට හුටස් ගා පතිත වීමට පහසු කර ලීමටය! එහෙත් අහෝ දුකකි ඉරකි තිතකි! මාගේ තාක්ෂණික අඳබාලත්වය මත ගොඩ නැංවූ කූඩුවෙන "ඇන්ටික් බ්ලොග් වංශ කථාව" පැන ගොසින් ය! කරුණාකර ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දෙන මෙන් ටොමියාගෙන් ඉල්ලා මෙයින් බුරමි!
ReplyDeleteහ්ම්..පේන විදිහට, ඒක බ්ලොහ් රෝල් ගැජට් එකක්. ඒකයි අලුත්ම පෝස්ට් එකට අප්ඩේට් වෙන්නෙ.
Deleteමම ඔය උඩින්ම දාලා තියෙන්නේ "ඉමේජ් ගැජට්" එකක්. ඒකට දාන ලින්ක් එක ෆික්ස්ඩ්- අප්ඩේට් වෙන්නෙ නෑ. අවශ්‍ය නම් පිංතූරෙකුත් දැම්මෑකි. ඔය ඉන්න බලුනයිදෙව ඕනා නං, රයිට් ක්ලික් කරලා image--> copy image address කොටලා අරගෙන ගිහින් ඇලෙව්වෑකි.
පිංතූරයක් දැම්මත්, නැතත් නම වැටෙනවා. ඒකෙන් අදාල පෝස්ට් එකට යොමු කරනවා. තේරුනයි කියා හිතනවා.
අවුලක් නෑ, ඕන ප්‍රශ්ණයක් අහන්න එන්න. 😊
එළ රෑට ගේම ගහන්නම්! (මේවා ඉතිං නිකංම බෑ කියලා කියන්න ඕනේ නෑනේ!)
Deleteඒ එළුවන්ගෙ රැවුල නෑ වගේ නේද?
ReplyDeleteහෑ, ඇත්ත නේන්නං, රැව්ල නෑ. එලිච්චි නිසා වත්දෑ?🤔
Deletehttp://myhobotales.blogspot.com/
ReplyDeleteපට්ට කතාවක්. අර පැතුමා"කාළ යක්ෂ" ලියන්නෙ නෑනෙ, ඉතිං අපි අනාත වෙලා හිටියෙ. මේක දිගටම ලිව්වොත් නං මරු.😊
Deleteටොමී සර්, ගුඩ් මෝනිං කිව්වා!
ReplyDeleteකේරළ මටන් රෝස්ට් එකට අමුද්‍රව්‍ය!!
පරණ බ්ලොග් ලිස්ට් එකට
'මල්ලෙ පොල්' එකේ කළුආරච්චි උන්නැහෙගේත් මරු ක්ලැසික් ඉට්ටයිල් එකෙක් තිබුන.
ඒකටම හරියන 'හෙළ වියුණු' සෙට් එකකුත් හිටිය කොමෙන්ට් කරන්ඩත්
තව 'ටික්ක' ඌත් සෝක් බ්ලොගක් ලිව්ව. එළ බුවෙක්
එතකොට 'කොච්චියා' අම්මටසිරි උගෙත් මරු. මහිතේ 'කණ්ඩ' ගෙන් කොච්චියගෙ contact හොයා ගන්ඩ ඇහැක්වේවි
ජපානේ ඉඳල යුරෝපෙට ගිය කෂ්ටිය
එමා මිසී (එක් මානවිකාවක්) එකත් මරු
සහ
කෙන්කියුෂා - විද්යානුකුල ලියවිල්ල. බොහොම වැදගත් විදියට කොමෙන්ට් වලින් ඇර ගෙන තියෙනවා. scientific guy
ඇයි රණසිංහ රාලාමිගෙ පුතා - චෙෆාකි - ගෙ 'බරපතල' puzzle කවි. එයාගෙ කතාත් සෝක් ඈ.
මුලින්ම මතකෙට ආවේ මේ ටික.
ජයවේවා!
Myself Hattor
නියමයි හැට්ටරේ ඒත් පොඩි අවුලක් තියේ.
Deleteමල්ලෙ පොල් - හොඳ තමා, ඒත් තාම ලියනවා
කෙන්කියුෂා- බොහොම ඇක්ටිව් ඒ දිනවල, ඒත් පරණ පෝස්ට් මිසින්😒.
https://nesciencetoscience.blogspot.com/2019/05/blog-post.html
අනිත් අර හරි - එබුවා.
ඕං බලහං හැට්ටරේ, මට චෙෆාකිව මිස් වෙච්ච හැටි? මම කැමතිම
ටල් අම්මගෙ "මස්කටු" පෝස්ට් එකත් එබුවා.🤭
'Eventually, they make it to the price'-that's the main thing.
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා "බලුනකුට"ට.ඒක බොහොම දුෂ්කර ගමනක්, ඇත්ත, ප්‍රතිලාභය තමා වැදගත්ම දේ.😊
Deleteබොහොම ස්තුතියි ටොමියා. දිගටම මේවගේ short n sweet ඒවා දාන්න.
Deleteමොනාද ටොමී සාන්, අර කට්ටකාඩුවේ මිස්ට කට්ස් කියලා තියෙන්නෙ ටොමී සාන් හරියට ප්‍රාජේ ගේ ගෝලයෙක් වගේ කියලා? ලින්ක් දානවලු වැටවල් ගහනවලු. සැක්! මමනං නැට්ට හපන් මැරෙනවා ඔය කතා අහනවට වඩා. :-P
ReplyDeleteප්‍රාජේ ගේ ගෝලයෙක් වගේ මොකද, ගෝලයෙක් තමයි. එතුමා තමයි, හ්ම්, වැට, ලින්ක් දමන ලිස්සන කලාවේ "පිකාසෝ".
Deleteඑහෙව් උත්තමයක්ගෙ ගෝලයක් වීමත්, පූරුවේ පිනක්. මගේ තුන්-අණ්ඩෙන් ආචාරය, ගුරු දේවයානෙනි!
මොන මඟුලක්ද
ReplyDeleteමේක අද නෙ දැක්කෙ.
ඔය සිංඩි මහත්තුරු හොදයි. හැබැයි අර සිංහල වියුණු එකතුවෙ පොර නං මා එක්ක තරහද කොහෙද. 😂😂😂
දෙතුන් පාරක්ම මේල් තල්ලු කලත් ඇඩ් කරගත්තෙ නෑනෙ. ඔන්නොහෙ කමක් නෑ. වෙන අටමගලයක් වෙන්නැතෑ 😂😂😂😂
කලිං පෝස්ට් එකට එකතු කරනව නං මගෙ රෝල දිගේ යටට ලෙස්සාං. මට නං කම්මැලී බම්. මම බ්ලොග් 320 ට කිට්ටුව ෆලෝ කරල තියේ. අප්ඩේට් වෙන්නෙ පණහක් විතර. හරි ඛේදවාචකයක් 😒😒😒😒
Deleteබුදු සන්තෝ, මං නැතෝ! හුටා 320 ක්? යාන්තං 120 විතර තලා ගත්තා. වැඩි හරියක්ම, අනිත් අය රෙකමන්ඩ් කරපුවා. ඒත් වැඩේ හිතුවට වඩා අමාරුයි.
Deleteමම කියවල තියෙන, බ්ලොග් වල නං, මතකයෙන් හොඳ පෝස්ට් එක හොයලා, ලින්ක් එක දැම්මෑකි.ඒත්, සමහර බ්ලොග්වල "ජනප්‍රිය" පෝස්ට් ගැජට් එක නෑ. හොඳ පෝස්ට් හොයන්න ගියාම, රිස්ස යනවා. හෙමීට කරගෙන යමු, ඈ? ස්තුතියි👌🙏😊
https://www.blogger.com/profile/03249905757663258544
ReplyDeleteටොමියෝ මේකත් දාහන්කො
https://nilakshibandara.blogspot.com/2021/10/blog-post.html
Deleteදැම්මා. බ්ලොග් දෙකම, පෝස්ට් දෙකක ලින්ක් දෙකක් එක්කම. මෙයිට වඩා හොඳ පෝස්ට් එකක් තියේ නං කියන්න. ජනප්‍රිය ලිපි ගැජට් නැති නිසා හොඳම ලිපිය හොයන එක ටිකක් අමාරුයි.
Deleteටොමියො දිගට ලිව්වනම් මොකද ටිකක් විස්තර ඇතුව. දෙන්නෑ ගෙනාපු මස්කට්ට
ReplyDeleteඅනේ දියං බං ( කෙල පෙරමින්).🙏😊
Deleteඇත්ත, මේක හදිස්සියට ගහපු කොත්තුවක්. ඊළඟ එක දිගට දාන්නං.🤔
හොඳා හොඳා.
Deleteසිතුවිලි සින්ඩියට අළුතින් ඇතුළු කරණ ලෙස ඉල්ලා යවන ලිපි යන්නේ බර්මියුඩා ත්රිකෝණයටද මන්දා! "මගේ යාපනය" හා "මග දිගට යාපනේ " බ්ලොග් තවම ඇතුළු කොට නැත! අම්මපා ඔය වෙලාවට තමයි කීයක් ගියත් කමක් නෑ අපිට කියලා වාහනයක් ගන්න හිතෙන්නේ!?
ReplyDeleteඇත්ත. අපි( බුරා, අජිත්, විජේබාහු) ඔය ගැන දිගට කතා කලා. මේ 20 විතර දැනට තියෙන සිංඩිවල ලොකුම අවුල තමා, නිසි ප්‍රතිචාරයක්( නඩත්තුවක්) නැති එක. කොළඹ ගමයා- අජිත් කැමතියි එහෙම සිංඩියක ඇඩ්මින් වෙලා, පිලිවෙලකට නඩත්තු කරන්න. අපට අඩු තීරු 5 විතර තියෙන බ්ලොගර් ටෙම්ප්ලේට් එකක් විතරයි.
Deleteඔබේ නවතම හා පැරණි ඇතුලත්වී නැති සියළු බ්ලොග් අඩවි වල ලිපින / ලින්කු අපවෙත එවන්න. අප නොපමාව (දින දෙකක් ඇතුලත) සින්ඩියට ඇතුලත් කරන්නෙමු!
Deleteතට්ටයා අප ඔබ පැවසූ බ්ලොග් අඩවි දෙකම අපගේ සින්ඩියේ; පළමු කොළමේ පහත කෙළවරේ සකස් කොට ඇති "එන්න මගේ ප්‍රිය මිතුරෝ" යනුවෙන් නම් කොට ඇති නවක බ්ලොග් රචක රචිකාවියන් වෙනුවෙන්ම වෙන් කොට ඇති ඉඩ තුල පල කොට ඇත! මාස හයක් හෝ වසරක හෝ තෝරාගත් කාලයක් අප එම ඉඩ තුල එය පල කොට තැබීමට අදහස් කොට සිටිමු. ඒ ඔවුනට අන් බ්ලොග් අතරේ ප්රමුඛ තාවයක් ලබා දීමේ අදහසින්ය!
@Thattayagekolama ඔයා සිතුවිලි සින්ඩිය යනුවෙන් අදහස් කලේ https://sithuvili.net ද ? ඔයාගේ බ්ලොග් එක නැවත ඇතුල් කරන්න පුළුවන් ද ? නැත්තම් බ්ලොග් දෙකේ link එක මෙතන සදහන් කරන්න මම දැන් එකතු කරන්නම්. මම ගොඩක් කාර්ය බහුල උන වෙලාවට බැලෙනවා අඩුයි හමොමගේම බ්ලොග් ගන්නවා කිසිම අවුලක් නැතුව මම මේ සයිට් එක කරන්නේ ආසාවට 2010 ඉදලා ඉතින් බ්ලොග් තියෙනවා නම් ඕනේ තරම් එකතු කරගන්නවා. අතපසුවීමක් වෙන්න ඇති මට එක නිසා නැවත ඇතුලත් කරන්න මම එකතු කරගන්නම් ස්තුතිය.
Deleteතට්ටයා මහත්තයා මේක දකීද කියල දන්නෙ නෑ. එතුමා සිංහල බ්ලොග් ප්‍රමෝෂන් වැඩ නිසා බිසී ඇති. දන්න විදිහට ඔහු අදහස් කලේ ඔබේ https://sithuvili.net ගැන තමයි. මෙන්න තට්ටයා මහත්තයාගෙ බ්ලොග් එක සහ අලුත් නමුත් ලස්සනට ලියන බ්ලොග් දෙකක්:
Deletehttp://thattayagekolama.blogspot.com
yapanepemwathi.blogspot.com
magadhigatayapane.blogspot.com
ටොමිය තව පොස්ට් එකක් දාලා +++++++++++++++++++++++/////////////\\\\\\\\\\\\\
ReplyDeleteහෑ, කෝ කොහෙද? මං දැක්කෙ නෑ නෙව?🤔
Deleteඅර වැට අග හරිය ඇද වෙලා තියෙන්නෙ ඇයි?🤣😊😂
අනිත් කොණ, ලස්සන පෝස්ට් එකක් ලියලා. තාම මේ ඒ ගැන හිතනවා.🤔😞😊
https://anithkona.blogspot.com/2021/10/blog-post_24.html
ආං ජානිසා අලුත් පෝස්ට් එකක් දාලා. බැලුවෙ නැත?
ReplyDeletehttps://hansakinkini.wordpress.com/2021/10/25/%e0%b6%b1%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a/
ගිහින් කමෙන්ට් එකක් දාලා ආවා. පස්සෙ ආයෙ යනවා, කමෙන්ට් කියවන්න.😊
Deleteඑහෙට ගියා. comment කරන්න ගියාම මගෙන් ප්‍රශ්න අහන්න ගත්තා අඩවිය සල්ලිවලට ගන්න ගියා වගේ. මගේ pass word එක වැරදියිලු... දෙපාරක්ම එහෙම වුණාම වැඩේ අල්ලලා දැම්මා.
Deleteඇහැක් නං මේ කවිය එහාට යවන්නකෝ, මගෙන්ය කියල, ලොකු උදව්වයි.
මෙහෙට ආව විත්තිය මගෙ මතකෙ නැත
කියවන් යද්දී නැඟි කඳුළක් ඇසේ ඇත
තව ලියපං හංසි, මනු සිත් කරමු තෙත
පතුරමු හැම ජාතියෙම ඇත්තන් වෙතට මෙත
හෙහ්, හෙහ් "අඩවිය සල්ලිවලට ගන්න ගියා වගේ".😂🤣
Deleteඕක ඔය වර්ඩ්-ප්‍රෙස් වල උපන්ගෙයි දෝසයක්. මම දාන්නම්, නිදි එව්වයි කියලා.
එහෙමද? ඒ හින්දා වෙන්නැති comments අඩු. කණ්ඩාගේ කොලමත් ඒ වගෙමයි.
Deleteස්තුතියි බස්සා මහත්තයෝ මගේ කොන්තරාත්තුවට කර ගහනවාට.
ඔබේ නවතම හා පැරණි ඇතුලත්වී නැති සියළු බ්ලොග් අඩවි වල ලිපින / ලින්කු අපවෙත එවන්න. අප නොපමාව (දින දෙකක් ඇතුලත) සින්ඩියට ඇතුලත් කරන්නෙමු!
Deleteබස්සාට; තට්ටයා පැවසූ බ්ලොග් අඩවි දෙකම අපගේ සින්ඩියේ; පළමු කොළමේ පහත කෙළවරේ සකස් කොට ඇති "එන්න මගේ ප්‍රිය මිතුරෝ" යනුවෙන් නම් කොට ඇති නවක බ්ලොග් රචක රචිකාවියන් වෙනුවෙන්ම වෙන් කොට ඇති ඉඩ තුල පල කොට ඇත! මාස හයක් හෝ වසරක හෝ තෝරාගත් කාලයක් අප එම ඉඩ තුල එය පල කොට තැබීමට අදහස් කොට සිටිමු. ඒ ඔවුනට අන් බ්ලොග් අතරේ ප්රමුඛ තාවයක් ලබා දීමේ අදහසින්ය! sandhakadapahana .blogspot.com
බොහොම ස්තූතියි, ඒ අලුත් අයව දාගත්ත එකට. මේ විදිහට සක්‍රීයව ඉන්නව නං ඒක තමයි හොඳම ප්‍රචාරය.
Deleteඅනික් සිංඩි වල ලිස්ට් එකක් ඇතුලත් කරපු එකත් බොහොම හොඳ ආදර්ශයක්. කලක් සිංහල බ්ලොග් ලෝකයේ රජකල "රැට් රේස්" එක ට, මේ ක්‍රමය හොඳම විසඳුමක්.😊🙏👌
ඔන් ටෝමියගෙ එළියෙන් පරණ bolg අඩවි දෙක තුනකුත් අඳුනගෙන ඔහෙවත් ෆලෝ කොරා මස් කටුවක් ප්‍රධානය විදිහට...
ReplyDeleteආං ඌ ගියා වල් ටුවර් එකක් දාලා එන්නං කියලා. දැන් යනවා ඇති නැට්ටත් උස්සගෙන හතරවටේ. 😂
Deleteදැං ඉතිං බොලා තමයි, මේක ඇදගෙන යන්න ඕනෙ. අපි එන්නම් , කමෙන්ට් කරලා සපෝට් එක දෙන්න.🙏😊
හ්ම්....... ටොමිල කොමත් එහෙමනෙ බස්සා තුමො. හැබෑටම බැස්සොත් ඔය වගේද දන්නෙ නෑ..
Deleteනැට්ට උස්සන් ගියේ නිදිගෙ පෝස්ට් එකේ කවියක් ලියල එන්න. නෑ, නෑ මොට්ට බකුසු-මොටෝ සාං. මාලයක් නෙමෙයි, ඒක අපේ පැරණි කවි ජාතියක්. අර දස්-කොං ලිව්වෙ "නෝක්කාඩු මාලය".
Deleteඔව්, ඔව් දස්කොං උන්නැහෙත් කටු කන්න දෙයියා. කෑවෙ රජ කටු. මෙන්න මම ලියපු "මස් කටු මාලය".
කුකුල් කටු ලෙව කා
ලෙසටම වළලලා කා
කටු නොකනා එකා
දනෝ දැන් ඉල්ලං-කා
කට්ටෙහි ඇති රසයත්
එහි ඇති මනා ගුණයත්
කයි කන බලු මිසක්
නොකන හූනෝ නොදනිත්
ටොමීගේ 'මස් කටු මාලය' දැක්ක ගමන් මටත් උත්තර නොදී බැරි වුණා, ඉතිං මෙහෙම ලිව්වා.
Deleteස්තුතියි ටොමී. ඔයාට සංග්‍රහයක් විදිහට මෙන්න මගෙන් 'මලාකා* මාලය'
මස් ගොඩ බදාගෙන කා
කටු ටික කර විසික්කා
සට්ටඹියන්ට සලකා
මහතැන් වෙයි 'මලාකා*'
වහලුන් වීමෙ ගතියත්
ගොන්නුන් වෙන කැමැත්තත්
කවුරුන් කෙලෙස කිව්වත්
නාරිති දනෝ තවමත්!
*මලාකා යනු කවුරුන්දැයි නොදන්නේ නම් පහතින් ඈති link එකට ගිහින් බලනු මැනවි.
https://nidigepanchathanthare.blogspot.com/2019/10/blog-post_14.html
අපේ sandhakadapahana.blogspot.com සින්ඩියට පිවිසෙන්න! ඇතුලත් කල යුතු අළුත් සහ පැරණි බ්ලොග් පිළිබඳව අපව දැනුවත් කරණන. අපේ සින්ඩියට ඉහළ ප්‍රචාරයක් සහ ප්‍රථිචාරයක් ලබාදෙන්න!
ReplyDeleteගියා, බැලුවා, අප්පද බොල.... දැක්ක ගමන් කවියකුත් ලියන්නම හිතුනා. මෙන්න ඒක:
Deleteනමියගෙ වීදියෙන් දැක්කෙමි ඔබගෙ තතු
ආවා හොයන් කිමිදෙන්නට සොයා මුතු
හැඩයි සැකසුමත් මට නං කිව්ව යුතු
ස්තුතියි එල්ලුවට සින්ඩියෙ 'නිදිගෙ' තතු
නිදි; කරුණාකර ඔබගේ බ්ලොගය හරහා අපට ප්‍රචාරනයක් ලබා දෙන්න! මෙතෙක් සයිබර් අවකාශයේ ලියැවුනු සියළුම බ්ලොග් එක තැනකට එක් කිරීම අපගේ අරමුණයි. එසේම නවක බ්ලොග් රචකයින් හට ඉදිරියට ඒමට අවශ්‍ය වේදිකාවක් තනා දීමත් අපගේ අරමුණයි. හැකි පමණ අපගේ ලිපිනය හුවමාරු කර අපට උදව් කරණ්න.
Deleteමමත් මේක සිංඩි ලිස්ට් එකේ උඩින් දාගන්නම්. ස්තූතියි.👌😊
Deleteබොලා කවුරුහරි අර ඉන්ද්‍රනාත තේනුවරගේ කිරිබත් කතාවේ ලින්ක් එක දානවද , මතක නැහැ කොහෙද තිබ්බේ කියල. ඔන්න ප්ලීස් කියල කිව්වා
ReplyDeleteඇයි ඒක තියෙන්නෙ "අපේ දිව්‍ය භෝජන - අංක 2" නෙව?
Deletehttps://magekathandara.blogspot.com/search?q=%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A
හොයන්නෙ මෙහෙමයි:
යනවා " මගේ කතාවට". උඩම, වම් පැත්තෙ තියෙන "සර්ච්" වල "කිරිබත්" කියල ගහලා, මැග්නිෆයි ග්ලාස් එකට කොටනවා.
මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "4. එන්න මගේ ප්‍රිය මිතුරෝ (නැවුම් බ්ලොග් නිර්මාණ)" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න
ReplyDeleteහැකි අවස්ථාවල ප්‍රචාරයක් ලබාදෙන්නම්.
ReplyDeleteඅපගෙ සින්ඩිය තුල "පුරා වස්තු (ඇන්ටික් )" යනුවෙන් පැරණි බ්ලොග් වෙනම කොලමක් යටතේ පෙල ගස්වා ඇත! මෙය කියවන්නනට හෝ ලියන්න්ට වඩාත් පහසුද? නො එසේනම් එහි ඇති සියළු බ්ලොග් අඩවි විෂය අනුව අනෙක් කොලම වලටම ගොනු ගත කරණ්නද? ඔබේ අදහස මොක්කද?
ReplyDeleteමට හිතෙන්නේ, ඒ තියන විදිහ හොඳයි කියලයි. පරණ බ්ලොග් බලන්න ඕනෙ අයට, එතකොට එකම තැනකට ගිහින් ඒවා හොයන්න ඇහැකි. එකම දේ (ඒ කොලමෙ උඩිම එන) ඒ අය, ආයෙත් ලියන්න ගත්තොත්, අදාලා කැටගරියට ගිහින් දාන එක විතරයි.
Deleteඔව් තරුරසි ලිව්වා අවුරුද්දකට පස්සෙ! එයාව "කැටපත් පවුරට" නැග්ගුවා!~ බොහොමත්ම ස්තූතියි! ඔබට කියන්න දැන් සින්ඩි ඇතුළුව බ්ලොග් 486 ක් අපේ සින්ඩියට ඇතුලත් කොට ඇත. මේ සංක්‍යාව 600 දක්වා (ඒ තරම් බ්ලොග් ඇතොත්!) වැඩි කරගැනීමටයි අදහස! ස්තූතියි!
Deleteසෙත් වේවා
Deleteජය වේවා
ආසිරි පතලා මදිවා!
හිතාදර සොයුරු සොයුරිය, මේ ලියන්නේ සඳකඩපහන සින්ඩියේ සංස්කාරක වරුන්. ඔබ බොහෝ දෙනෙක් බ්ලොග් කරණයට අළුතින් පිවිසි අය බවයි අපගේ වැටහීම, ඒ නිසාම ඔබලාගේ බ්ලොග් අපගේ සින්ඩියේ "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමේ පෙල ගස්වා තිබෙනු දකිනට පුළුවන්. ඔබ වාගේම තවත් මෙදියතේ සිව් කොනේ සිට ලියන නිර්මානශීලී සොයුරු සොයුරියන්ගේ බ්ලොග් අපගේ සින්ඩියේ "කැටපත් පවුර" කොලමේ පෙල ගස්වා ඇත. අපගේ සීන්ඩියට ගොඩවැදී මෙරට ලියැවෙන හා ලියැවුනු විවිධ බ්ලොග් 1230 කට පිවිසීමට අපගේ සින්ඩිය තුලින් ඔබ්වට හැකියාව ලැබේවි. ඊට ගොඩ වැදී බලන්න.
ReplyDeleteඑසේම අනෙකුත් ඔබ නන්නාඳුනනා බ්ලොග් වලට ගොඩ වැදී ඒවාට කමෙට්නු ලිවීමෙන් ඒ අය ඔබගේ බ්ලොගය කරා ඒමට මං පෙත් විවර වනු ඇත!
අපගේ සින්ඩියේ නොදැක්වෙන ඔබ වැනිම වේනත් බ්ලොග් වෙතොත් ඒවා අප වෙත යොමු කරණ්න.
අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය හරහා හැකි ප්‍රචාරණයක් ලබා දෙන්න!